
(අංජුල මහික වීරරත්න)
චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව විදහා දක්වන “Heart to Heart, Side by Side” ඡායාරූප ප්‍රදර්ශනය චීන ආධාර (China Aid) යටතේ නිම වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිලි පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) මහත්වරු මීට සහභාගී වූහ.
මෙම ප්‍රදර්ශනයට චීනය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්ත්වයේ අවස්ථාවන් නිරූපණය කරන්නා වූ ද්විපාර්ශ්වික හුවමාරු, ශ්‍රී ලංකාවට චීනය ලබා දුන් ආධාර, චීනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ව්‍යාපෘති, චීන-ශ්‍රී ලංකා බහු-ක්ෂේත්‍ර සහයෝගිතාව සහ චීනයේ ජයග්‍රහණ ඇතුළත් තේමාවන් සහිත දෙරට අතර අනෝන්‍ය සහයෝගීතාවයන් ආදිය විදහා දැක්වෙන අවස්ථා නිරූපණය කරනු ලැබූ ඡායාරූප 350 කට අධික ප්‍රමාණයක් ඇතුළත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd