(සුමිත් පොතුපිටිය)
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර පදිංචි රජයේ රෝහලක රාජකාරී කරන දන්ත වෛද්‍යවරියක බවද පොලිසිය සදහන් කරයි.
තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළදසැලකින් චීන පටස් පහක් මිළදී ගෙන නිවසේ සාලයේ මේසය මත තබා තිබී ඇති අතර, ඒ ගැන නිසි අවබෝධයක් නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සදහා දන්ත වෛද්‍යවරිය දත් වලින් හපා පරීක්ෂා කිරීමට ගොස් මෙසේ බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කරයි.
චීන පටස් එක මුඛය තුලම පුපුරා යාමෙන් පසු මුහුන, දත් සහ මුඛයට බරපතල තුවාල සිදුව ඇති බවත් දත් කිහිපයකට හානි සිදුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
බරපතල තුවාල ලබා සිටී වෛද්‍යවරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවද වාර්ථාවේ.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පිපිරීම සිදුවූ ස්ථානයේ පරීක්ෂා කිරීම් සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.