
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා මැණික් තොගයක් , සිය ඇද සිටි යට ඇදුම් අතර සඟවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික පියකු සහ දියණියක කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීහු පවසති.
මෙහි පියා 45 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ දියණිය 21 හැවිරිදිය . ඔවුන්ට මෙරට වාසය කිරීම සදහා නේවාසික වීසා හිමි වී තිබෙන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල සැරිසරමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වී ඇත.
ඔවුන් දෙදෙනා ඊයේ (13) රාත්‍රී 07.30 ට පමණ චීනයේ චොන්ග්ක්වින්ග් නුවර බලා පිටත්ව යන චොන්ග්ක්වින්ග් ගුවන් සේවයේ ඕ.කිව්.- 2394 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන්ගේ සිරුරු පරිලෝකන යන්ත්‍ර ( Scan Test ) මගින් පරීක්ෂා කිරීමේදී ඔවුන් සඟවා ගෙන තිබූ මැණික් තොගය අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නුන්ට නේවාසික වීසාත් දෙනවද ?