IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


චාමර බැංකුවලින් ගිණුම් ඉවත් කළේ ආණ්ඩුවේ චක්‍රලේඛයකට අනුවයි

(අංජුල මහික වීරරත්න)

චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.

පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට නියෝග කරමින් එවකට මෛත්‍රිපාල සිරිසේන ජනපති සහ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි තමාගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා අදාල චක්‍රලේඛනය නිකුත් කළ බවද හිටපු ජනාධිපතිවරයා කීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මා මුණගැසුණා.අගමැති ලෙස සිටි සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග මගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්තුමා එදා චක්‍රලේඛනයක් නිකුත් කළා.පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට ඒ චක්‍රලේඛයෙන් කියැවුනා.රජයේ මුදල් මෙන්ම අනෙක් මුදල් ඒ වර්ෂය ඇතුළත වියදම් කරන්නට තිබෙනවා.නැතිනම්  මුදල් අමාත්‍යංශයට හෝ පළාත් සභාවේ මුදල් අමාත්‍යංශයට ඒ මුදල් නැවත දෙන්නට තිබෙනවා.ඒ මුදල් ඉතිරි කරගෙන තැන්පත් ගිණුම් වල තබාගෙන එය පසුව වෙනත් ව්‍යාපෘති වල යෙදවීම නීති විරෝධී නිසා අප ඒ පියවර ගත්තා.ඒ අවස්ථාවේ චාමර සම්පත් මහ ඇමැතිවරයා  මෙන්ම තවත් මහ ඇමතිවරුන් කිහිප දෙනෙක් මට කතා කළා.එය කරන්නට නොහැකි ඇයි දැයි දැනුම් දුන්නා.ඒ අනුව ඔවුන් එම මුදල් තැන්පත් ගිණුම් වලින් ඉවත් කර තිබෙනවා.

ඌව පළාතේ පමණක් නොව සෙසු පළාත් වලද මේ කටයුතු සිදු කෙරුණා.එමෙන්ම චාමර සම්පත් ඇමතිවරයා මට විටින් විට කතා කරනවා.අධ්‍යාපන ආදී වැඩ කටයුතුවලට මා උදව් කළා.නමුත් අප එකල සිටියේ දෙපැත්තක.චාමර සම්පත් මහ ඇමති ලෙස සිටියදී සමන්ත විද්‍යා රත්න වත්මන් ඇමතිවරයා පැමිණිල්ලක් කළා.මෙය මගේ වැඩකටයුත්තක් නොවන බවත් එය අල්ලස් කොමිසම සමග සාකච්ඡා කරන ලෙසත්  මා එම කණ්ඩායම් වලට කිව්වා.මහ ඇමතිවරුන්ට පක්ෂ හෝ විරුද්ධ වැඩ කටයුතු වලට මට පැටලෙන්නට බැරි බවත් මා කිව්වා.

කොමිසමෙන් මේ පිළිබඳව විභාග කර තිබෙනවා.ඒ එක විභාගයකින්වත් එතුමා වැරදිකරු ලෙස ඔප්පු වී නැහැ.එතුමා සැකකරුවෙක් ලෙස වත් ප්‍රකාශයට පත් කර නැහැ.

මේ විභාග කරගෙන යන්නේ ඒ කාරණා උඩයි.අලුත් චෝදනා හෝ අලුත් සිද්ධි ගැන නොවේ.අනෙක් කාරණය වන්නේ චාමර සම්පත් කට උත්තරය ලබාදෙන විටම ඔහු අත්අඩංගුවට ගත් බවට නිවේදන නිකුත් කෙරෙනවා. එවැනි දෙයක් කියන්නේ කොහොමද? 

චාමර සම්පත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ නිතර කතා කරනවා. ඔහු ප්‍රබලව විපක්ෂයේ හඬ නගනවා.මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ එතුමාගේ මැදිහත්වීමට සම්බන්ධ දැයි විශාල ප්‍රශ්නයක් තිබෙනවා.මා සිතන්නේ එතුමා මේ ගැන පාර්ලිමේන්තුවෙන්ද විභාගයක් ඉල්ලා සිටිය යුතුයි.එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක්දැයි සොයා බැලිය යුතුයි.



අදහස් (20)

චාමර බැංකුවලින් ගිණුම් ඉවත් කළේ ආණ්ඩුවේ චක්‍රලේඛයකට අනුවයි

ප්‍රියන්ත Thursday, 10 April 2025 02:01 PM

දීකිරට බලල්ලුත් සාක්කියිලු..!

:       67       64

පොඩිඑකා Thursday, 10 April 2025 02:04 PM

එතකොට මහ බැංකුවට කෙලියෙත්, ජනාධිපති අරමුදලට කෙලියෙත්, අරගල ගිණි වන්දි පිල්ලි ගැහුවෙත්, ඒ විදියටමද?

:       64       73

Sunaa Thursday, 10 April 2025 02:08 PM

ඔයාගේ කටේ සද්දේ නම් තාම අඩුවෙලා නෑ නේද? ඔහොම ඉන්න බෙල්ලට තොණ්ඩුව වැටෙන කන්...

:       69       57

අසංක Thursday, 10 April 2025 02:11 PM

මට හිතෙනේ ලගදිම චාමර ඉල්ලා අස් වෙලා සීයා පාර්ලිමේන්තුවට එයි වගේ

:       8       10

කව්ද බෝයි Thursday, 10 April 2025 02:12 PM

මාධ්‍ය සංදර්ශන දාන්නෙ නැතිව, චාමරව අත්අඩංගුවට ගත්තු පළමුවෙනි දවසෙම උසාවියට ගිහින්, මෝසමක් මගින් ඉදිරිපත්වෙලා ඔය කතන්දරේ සාක්ෂිත් එක්ක නඩුකාර හාමුදුරුවන්ට කිව්වනං අහවරයිනේ?

:       49       75

thushara Thursday, 10 April 2025 02:14 PM

හරි සීයේ. ඊළගට ඔයා

:       7       10

පිටරටවැසියා Thursday, 10 April 2025 02:14 PM

එතකොට අර බටලන්දත් ක්‍රියාත්මක වුණේ ඔයාගෙ අනුදැනුම ඇතිවද? එකත් ඔය කටින්ම කියන්නකෝ?

:       32       59

යෝගා Thursday, 10 April 2025 02:17 PM

ඒ කියන්නේ මේ කේස් එකෙනුත් ආණ්ඩුව චොර වෙනවා කියන එකයි

:       9       11

මාබංකුසිංහ Thursday, 10 April 2025 02:31 PM

මම තරුණ කටයුතු කරන කාලේ ඕවා වුණා නම් කෙලින්ම ලන්දට තමයි.

:       42       47

කෞෂි Thursday, 10 April 2025 02:33 PM

බෙල්ලටම තද වෙනකොට ඉතින් එක එක ඒවා කියයි. කරන කලට පව් ෂෝයි තමයි...

:       46       46

NImal 1 Thursday, 10 April 2025 02:42 PM

එක හොරෙක් තව කෙනෙක්ව ආරක්ෂා කරනවා. මේ මුදල් වෙන බැංකුවක තැන්පත් කළේ නැද්ද? අනෙක, මුලින්ම තැන්පත් කළේ වරදක් බන නොදැනද?

:       51       44

idr tharanga Thursday, 10 April 2025 03:01 PM

අපි බැලුවා මොකෝ මහදැනමුත්තා කට ඇරියේ නැත්තෙ මොකද කියල. ලොකු වංචාවක් වෙලා තියෙනනවා නම් අනිවා පොර ඒකට සපෝට් කරල තියෙනවා. ඊට පස්සෙ ඒක සාධාරණ කරනවා. ඊට පස්සෙ උන්ව බේරගන්න ට්‍රයි කරනවා. මේ වගේ ඩයල් මේ ලෝකෙන් තොලොංවි වෙලා යන්නනෙෑනේ

:       55       46

රුවන් Thursday, 10 April 2025 03:21 PM

මොනවා වුණත් රනිල් හොඳ යාලුවෙක් වටේ චාමර ගේ මොකද පොඩි හොරෙක් බේරාගන්න ඉදිරිපත් වෙන ලොකු හොරු ගැන ඇහුව්වාමයි...

:       47       34

Kamal Koyrala Thursday, 10 April 2025 04:31 PM

මොහුව උසාවියට සාක්ෂි කරුවෙක් වශයෙන් කැඳවිය යුතුයි.

:       18       34

සිල්වා Thursday, 10 April 2025 04:34 PM

දේශපාලන වේදිකාවල දෙන්නේ නඩුතීන්දු නොවෙයි. උසාවිය විභාග කරලයි තීන්දුව ප්‍රකාශයට පත්කරන්නේ. අපි ඉවසා සිටිමු...

:       28       30

Nanda Thursday, 10 April 2025 07:07 PM

එතකොට මහ බැංකුවේ සල්ලිත් අයින් කරේ චක්‍රෙල්ඛනයටම වෙන්න ඇති...

:       5       3

Geeth Meeella Thursday, 10 April 2025 07:32 PM

අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ සල්ලිත් අරගත්තේ චක්‍රලේඛයක් අනුවලු. ඊළඟ අවුරුද්දේ ආපහු දාන්න කියලලු චක්‍රලේඛේ තියෙන්නේ. එයාට අමතක වෙලා වැඩ වැඩිකමට...

:       3       6

Ajith Friday, 11 April 2025 01:23 PM

මුත්තා අධිකරණයට බලපෑම් කරමින් සිටී. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න...

:       0       0

චින් වේ Saturday, 12 April 2025 01:06 PM

රටේ නීතිය නොදන්නා අය පණ්ඩිත කතා ලියනවා. රජයේ මුදල් භාණ්ඩාගාරයට හැර වෙනත් අයට FD දමා පොලී කරන්න තහනම්. ඔය මුදල් ලඛා දෙන්නේ භාණ්ඩාගාර බිල්පත් විකුණා පොලියට අරන්. එම මුදල් භාවිතා නොකර තබාගෙන පොළියට දෙන්න බෑ...

:       0       1

මුණුපුරා Thursday, 24 April 2025 11:32 PM

අනේ සීයෙ අමල් බිසෝ. කතන්දරෙත් කියන්නකෝ... චැහ් ගානවා... චිහ් ගානවා එයාගේම කිල්ලෝටයේත් හරි හරියට හුනු තියනවා...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 919 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site