
( රෝෂන් තුෂාර)
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 08 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(01) නියෝග කළාය.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවට අල්ලසූ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය. විමර්ශන අවසන් අවසන්කර වැඩිදුරු වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය.
ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයාව සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ගිණුම් හයක්2016 වසරේ ඉවත් කරගෙන රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුශිත දේසපාලුවන්ගේ වැරදි වලට නීතීය ක්‍රියාත්මක කරනවිට ,සම හරක් හිතන්නේ දේසපාලන පළිගැනීම් කියලා.අදිකරණය දේසපාලණීකරණය කරලා නීතීය ක්‍රියාත්මක උන හැටි දන්නෝ දනිති .
රට උළු මන්දිරයේ නිවාඩු කාලය දීර්ඝ වුන නිසා, සැප මෙට්ටයට, මායියාගෙ රසබර බත් ගොට්ටට අමතරව තව මොන මොන දෙවල් මෙම ග්‍රහයා අපෙන් ඉල්ලාවිද දන්නෙ නෑ... කද, බඩ ටිකක් බහින්න එක්කත් ඔන්න ඔහොමම ඉන්න අරින්න. ඒක ඒයාටත්, අපටත් ගුණයි ! !
මේ කාරණය සම්බන්ධයෙන් නඩු පැවරීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයි? මේ පුද්ගලයා පසුගිය වාරයේ SJB විය, නමුත් සමහර විට රනිල් අතර අතීත සම්බන්ධය නිසා හෝ සමහර විට දූෂිත SLPP නිසා ඔහුගේ අල්ලස් ගැනීම සඟවා තිබුණි.දැන් මාලිමා ආන්ඩුවත් එක්ක සෙල්ලම් බැහැ.මොහු රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති නිසා මන්ත්‍රකම අහෝසිකරන්න.
ඔයා හිරේ ගියේ බාගේ ටිකට් එකකින්ද…? ඒකද එළියට එන්න අමාරූ…? හූ…හූ….