
(රෝෂන් තුෂාර)
ඌව පළාත් සභාව නමින් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ පැමිණිලි දෙකක් ජනවාරි 23 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද දින නියම කළේය.
ඇප මත සිටින චාමර සම්පත් දස නායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ ලේඛන සම්බන්ධයෙන් වන රස පරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැති බවය.ෙ
ඒ අනුව ලේඛන වාර්තා කැදවීමට සිහිකැඳවීමක් යොමු කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේත්‍රාත්වරයා පැමිණිරු විභාගය ජනවාරි 23 තෙක් කල් තැබීය.
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යයවරයා ව සිටියදී පළාතේ ළදරු පාසල් දරුවන් සඳහා බෑගයක් ලබාදීමට බැංකුව මගින් අනුග්‍රාහකත්වයක් ඉල්ලා ඇති අතර එම අනුග්‍රහකත්වය ලබා නොදීමේ හේතුව පාදක කර දේවේශ සහගතව මෙම ගිණුම් හය ඉවත් කරගෙන අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව දවසට විජලනය හදාගන්න බලන්න.