IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චීන - ඉන්දීය නායකයෝ හමුවෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

වසර හතකට පසුව චීනයේ සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අස චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අතර එහිදී ඇමෙරිකානු තීරු බදු හමුවේ වෙළෙඳ සහ ආයෝජන සබඳතා තර කර ගැනීමට ඇති අවශ්‍යතාව දෙපාර්ශවයම පිළිගෙන ඇත.

චීනය සහ ඉන්දියාව අතර ගොඩනැගෙන සහයෝගීතාව සියලුම මිනිසුන්ගේ අභිවෘද්ධියට හේතුවනු ඇති බවත් ඉන්දියාව චීනය සමග සබඳතා තරකර ගනිමින් ඉදිරියට යාමට කැපවී සිටින බවත් ඉන්දීය අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ සංවේදීතාව මත පදනම්ව දෙරටේ සබඳතා ඉදිරියට යනු ඇති බවද ඔහු පවසා ඇත.

ගෝලීය දකුණේ සහයෝගීතාවය ප්‍රදර්ශනය කරමින්, රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් සහ මධ්‍යම, දකුණු සහ අග්නිදිග ආසියාවේ සහ මැද පෙරදිග අනෙකුත් නායකයින් සමඟ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ දෙදින රැස්වීමකට සහභාගී වීම සඳහා මෝදි වසර හතකට පසු පළමු වරට ඊයෙ චීනයට පැමිණියේය.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම හේතුවෙන් ඉන්දීය අපනයන නිෂ්පාදන සඳහා ඇමෙරිකාව සියයට 50 ක තීරු බද්දක් පනවා දින 5කට පසුව දෙරටේ නායකයන් මෙලෙස හමුවී ඇත.

 

 



අදහස් (3)

චීන - ඉන්දීය නායකයෝ හමුවෙති

Mahesh Monday, 01 September 2025 10:08 AM

ඇමරිකාවට අධෝමුඛේ දීලා කෙලවෙනකොට, චීනය හොයගෙන යනවා. හොඳ වැඩේ මෝඩිට . අල්ලපු ගෙදර නයා තරහා කරගෙන පිට එවුන්ට කරන්න ගියාට , ඔහොම වෙන්න ඕන.

:       0       0

Mahesh Monday, 01 September 2025 10:09 AM

ඇමෙරිකාවට අධෝමුඛේ දීලා කෙළවෙනකොට චීනය හොයාගෙන යනවා. හොද වැඩේ මෝදිට... අල්ලපු ගෙදර අයට කරන්න ගියාට... ඔහොම වෙන්න ඕනෑ.

:       0       0

අරවින්ද මොණරවිල Monday, 01 September 2025 10:53 AM

ලෝකයේ ප්‍රගතිශීලි රාජ්‍යයන් අද එකට එකතු වෙමින් පවතිනවා, ඒ පුටින් සහ සී ජින් පින් ගේ නායකත්වය යටතේ, එක දක්ෂිණංශික ප්‍රගතිගාමී රාජ්‍ය වල පැවැත්මට බලවත් අභියෝගයක් වනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site