IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඝාතනය කර වළදැමූ දෙදරු පියාගේ සිරුර ගොඩගනී

( රොමේෂ් මධුෂංඛ)

ඝාතනය කොට පාලු ඉඩමක වළදමා තිබූ පුද්ගලයකුගේ සිරුරක් කිලිනොච්චිය මරදන්කේනි පොලිස් වසමේ වෙත්තිලකේනි ප්‍රදේශයේදී ගොඩ ගැනීමට පියවර ගත් බවට පොලීසිය පවසයි.

මරදන්කේනි පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වෙත්තිලකේනි ප්‍රදේශයේ පිහිටි පාලු ඉඩමක් පරික්ෂා කිරීමේදී සැකකටයුතු ස්ථානයක් නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධීකරණයට දැනුම් දී තිබිණි.

අනතුරුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ස්මයිල් ජෙමිල් මහතා  එම ස්ථානයට පැමිණ පරික්ෂා කොට එම ස්ථානයේ පස් ඉවත් කරන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් පස් ඉවත්කිරීමෙන් පසුව වලදමා තිබූ සිරුර සොයාගනු ලැබීය.

එලෙස වලදමා තිබියදී සොයාගත් මළ සිරුර වෙත්තිලකේනි මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 39 හැවිරිදි රාසන් සිවඥානම් නැමත්තාගේ බවට හඳුනාගනු ලැබීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇතැයිද මරදන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

ඝාතනය කර වළදැමූ දෙදරු පියාගේ සිරුර ගොඩගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site