IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඝාතන සඳහා යතුරුපැදි සැපයූ දෙන්නෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

විදේශගතව සිටින මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ  උපදෙස් මත    ඝාතන සඳහා  යතුරු පැදි සැපයූ එගොඩ උයන පොල් කට්ටා සහ තවත් පුද්ගලයෙකු  ව්‍යාජ අංක තහඩු  ආදායම් බලපත්‍ර රක්ෂණ සහතික සහ හොරයින් මත්කුඩු සමඟ  අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමග ව්‍යාජ අංක තහඩු හයක් , ව්‍යාජ ආදායම් බලපත්‍ර තුනක් , ව්‍යාජ රක්ෂණ සහතික තුනක්, ජංගම දුරකථනයක් හා යතුරුපැදියක්ද හා හොරයින් මත්කුඩුගෑම් 15 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා වෙත ලද තොරතුරකටට අනුව  මොරටුව ශාන්ත රීටා පාරේදී   අත්අඩංගුවට  ගත් එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි    පුද්ගලයකු අල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 කාලයකට රැඳීම් නියෝග ලබාගෙන සිදු කළ දීර්ඝ විමර්ශනවලදී විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන තරංග නමැත්තාගේ උපදෙස් මත  විවිධ අපරාධ සඳහා යතුරුපැදි සොරාගෙන කටුකුරුන්ද ප්‍රදේශයේ සිටින තවත් පුද්ගලයකුගේ සහයෝගය ඇතිව ව්‍යාජ අංක තහඩු සවිකර ලබා දෙන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (0)

ඝාතන සඳහා යතුරුපැදි සැපයූ දෙන්නෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site