IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ගෝඨා ගෝ ගම රකින වගකීම අගමැති රුවන්ට පවරයි

 

(අංජුල මහික වීරරත්න)

ගෝඨා ගෝ ගම ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම ආරක්ෂා කිරීමෙි වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ගෝඨා ගෝ ගම ආරක්ෂා කිරීම වෙනුවෙන් නගර සභාවේ උදව් උපකාර ලබා ගැනීම සඳහා නගරාධිපතිනියත් එම භූමිය අයත් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙකුත් එහි වැඩ කටයුතු වලට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජිතයකුත් සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයකුත් ඇතුළත් කොට කමිටුවක් ද පත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ගෝඨා ගෝ ගම පාලනය කළ යුත්තේ එතැන සිටින කණ්ඩායම මිස ආණ්ඩුව නොවේ යැයි කී අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවට තිබෙන්නේ ඊට සහයෝගය ලබා දීම බව සඳහන් කළේය.

 



අදහස් (8)

ගෝඨා ගෝ ගම රකින වගකීම අගමැති රුවන්ට පවරයි

ගිහාන් Saturday, 14 May 2022 10:32 PM

ගෝටාගෝගමේ අය මේකට කැමතිවෙයිද.?

:       0       2

සිල්වා Saturday, 14 May 2022 11:43 PM

ගෝඨාගෝගමට ඔබතුමා සමච්චල් කරනවා ද?

:       1       1

Premathilaka peramuna Sunday, 15 May 2022 12:02 AM

මාර වැඩක්නෙ.... ආණ්ඩුවට විරෝධය දක්වන අයට අවශ්‍ය පහසුකම් ආණ්ඩුවෙන්ම සලසන ක්‍රමේ උද්ඝෝෂණ කරන අයගෙ තරහා අඩුකරන්න ,පුලුවන් උඩින් ෂපෝට් කරල යටි උගුල් ඇදලා ,අරගලය අලකරන්න සිස්ටම් චේන්ජ්.

:       1       1

Rata Perata Sunday, 15 May 2022 12:31 AM

මොන කතාවක් ද මේ? එතැනට ආව ජනතාව කියනදේ තේරුම් ගන්නේ නැතිව ගම රකිනවලු.

:       0       2

bamunuarachchiMonday, 16 May 2022 09:03 AM

ඒ ගොල්ලෝ කියන කතා අපිට වැඩක් නැහැ කෑ ගහලා ඇතිවෙලා කවදා හෝ ගෙදර යාවි.

:       0       2

විනිවිද Sunday, 15 May 2022 06:43 AM

ශ්‍රී ලංකාවටම වෙනසක් බලාපොරොත්තුවක් සහිතව පොදු ජනතාව, තරුණ පිරිස් ඇතුළු සියලු ජාතින් ගෝඨා ගෝ ගම ඉදිරියට පැමිණියේ වසර ගණනාවක සිට වෙනත් රටවල ක්‍රමානුකුලව සිදුවූ නමුත් ලංකාවේ සිදු වියයුතු උවත් එසේ නොවූ පුර්ණ දේශපාලන වෙනසක් "SYASTEM CHANGE" වෙනු වෙනි. සියලු දේශපාලන කණ්ඩායම් නියෝජනය කරනාවූ එකම මතයක්, එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් මානුෂිය අරගලයක යෙදෙන්නාවූ LIKE - MINDED පිරිසකි. "ගොටාගෝගමට " මේ වනවිට ජාත්‍යන්තර මධ්‍ය මගින් ප්‍රචාරයක් පවා ලැබී තිබේ. "ගොටාගෝගම" ආරක්ෂා කිරීම යනු තරුණ බලාපොරොත්තු වෙනුවෙන් පෙනිසිටිමවේ.

:       0       0

SL Sunday, 15 May 2022 07:09 AM

එහෙනම් පළමුව එතෙන්ට ප්‍රහාරයක් එල්ලකරපු මැරයන් අල්ලන්න. බොරු ආහල අහල එපා වෙලා දැන්.

:       0       1

sg Sunday, 15 May 2022 09:57 AM

අපට අවශ්‍ය වන්නේ කඩිනම් අපක්ෂපාතී පරීක්‍ෂණයක් සහ ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට සාධාරණය ඉටු කිරීමයි. සංවිධායකයින් සහ නායකයින් ඇතුළු සියලුම ප්‍රහාරකයින් අත්අඩංගුවට ගන්න. එවිට ජනතාව ඔබ සහ ඔබේ රජය කෙරෙහි යම් විශ්වාසයක් ගොඩනඟා ගනු ඇත. එහෙම නැතුව ඇමතිලාගේ ගෙවල් වලට ගහන සැකකරුවන් අහම්බෙන් අත්අඩංගුවට ගන්නවා පෙන්නන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 471 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16994 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 676 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site