(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදේශ තහනමක් පැනවුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ( චොකා මල්ලි) විදේශගතව ඇතැයි වාර්තාවේ.

ඔහු විදේශගතව ඇතැයි පැවසෙන්නේ එම නියෝගය නිකුත් කිරීමට පෙරය.

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියමව සිටි ජයසේකර මහතා පසුගිය කාලයේදී නිදහස් කෙරිණ.

එසේ නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 04වැනිදා තහනම් නියෝගයක් නිකුත් කළේය.

එසේම ඔවුන්ට ලබන මස 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයිද නොතීසි නිකුත් කෙරිණ.

ඉකුත් 2015 ජනාධිපතිවරණ සමයේදී එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය මරණය දණ්ඩනය නියම කළේය.

තායිලන්තයට ගොස් ඇතැයි පැවසෙන ප්‍රේමලා ජයසේකර මහතා අද හෙට මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ.