IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ගුරු මාරු මණ්ඩලය විසුරවයි

(අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගකර ඇත.

ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසිවී යනු ඇත.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතු වලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතු නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවූ බවත් එබැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටළුවක් මතුවීම වැලැක්වීම ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට හේතු වී තිබේ.

එසේම ආර්ථික අර්බුදය සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සහ වියදම් අධිකවීම, බදු සහ කුලී නිවාස ප්‍රශ්න ඇතුළුව මානුෂීය කාරනා රැසක් පදනම් කරගෙන මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ගුරු මාරු තාවකාලික පදනමින් හෝ කල්දමා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු සේවයේ නියුතු බොහෝ දෙනකු ලිපි මගින් ජනාධිපතිවරයා වෙත දුක් ගැනවිලි යොමුකර තිබිණි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාසිටි ගුරුවරුන් පිරිසක් ද මෙවර ගුරුමාරුවීම් සඳහා නිර්දේශව තිබූ බවත් වාර්තා වෙයි. ඒ අතරින් පිරිසක් සිය ස්ථාන මාරු දේශපාලන පළිගැනීම් ලෙස හුවාදැක්වීමේ සූදානමක පසුවූ බවත් ජනාධිපතිවරයාට වාර්තා වී තිබෙි.

ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ මෙම කරුණු කාරනාද සලකා බැලීමෙන් අනතුරුවය.

 



අදහස් (1)

ගුරු මාරු මණ්ඩලය විසුරවයි

S.s.k jayathilaka Saturday, 18 March 2023 07:56 AM

ඔතැනින් ලියුම් එවලා තියෙන්නේ මාරුව අනවශ්‍ය අය... තව භාගයක් ඉන්නවා මාරුව බලාපොරොත්තු වුණු අය. වෛද්‍ය හේතු මත මාරු ඉල්ලපු අය. දුර බැහැර පාසල්වලට සේවයට යන අය. කුලී නිවාස ප්‍රශ්න ගැන කියන ජනපති වෛද්‍ය හේතු නිසා ළඟ පාසලක් ඉල්ලපු, පදිංචි ස්ථිර නිවස පාසලෙන් කිලෝමීටර 35 ක් වගේ වුණු අපිට දෙන සහනය කුමක්ද? දරු දෙන්නෙක් පාසල් යවන ගමන් තිස්දාහක විතර ගමන් ගාස්තුවක් දරන්නේ කොහොමද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 793 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 919 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 380 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site