
(කේ. බුද්ධික කුමාරසිරි)
ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ හත්දහසකට ආසන්න විදුලු බිලක් නොගෙවීම් නිසාවෙන් විදුලිය විසන්ධි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිල සිරි හිමියන් පැවසූහ.
මාස තුනක විදුලි බිලක් එකතුවීම නිසා මෙලෙස විශාල මුදලක් විදුලි බිල්පතට එකතු වී ඇති බවත් පසුගිය කාළයේ දායකයන්ට තිබූ ආර්ථික දුෂ්කරතා නිසාවෙන් මෙම ස්ථානයට දානමාන සහ මූල්‍යාධාර නොලැබුණු බැවින් මෙම තත්වය උදා වූ බවද උන් වහන්සේ පැවසූහ.
ඇස් නොපෙනෙන බිහිරි විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී ඇති සරණක් නොමැති රෝහල්වලින් ගෙනැවිත් බාරදෙන වයෝවෘද්ධ භික්ෂූන් මෙම ස්ථානයේ වැඩ වාසය කරන බවත් දින 14 කට වැඩි කාළයක් විදුලිය විසන්ධිව පවතින බවත් මධ්‍යස්ථානයේ තිබූ සූර්ය ජනන පද්ධතියටද තාක්ෂණික දෝෂයක් සිදු වී තිබීම නිසා මෙම ගැටළුකාරී තත්වය ඉහල ගොස් ඇති බව උන්වහන්සේ පැවසූහ.
මෙම ස්ථානය මුදල් උත්පාදනය කරන ස්ථානයක් නොවන නිසාවෙන් විශාල අපහසුතාවයකට පත්වීමට සිදුව ඇති බවද අමිලසිරි හිමියෝ පවසති.
ො විදුලි විසන්ධිය සිදුකෙරූ දිනය සිට මේ දක්වා භික්ෂූන් තිදෙනෙකු අපවත් වී අවමංගල්‍ය කටයුතු පවත්වා ඇත්තේ ද කලුවරේ දැඩි අපහසුතා මධ්‍යයේ බවත් විදුලිය විසන්ධි කිරීම නිසාවෙන් මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වෙත ජලයවත් ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවෙන බැවින් විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිළධාරීන් වෙත කොතෙක් ඒ පිළිබදව පැහැදිලි කිරීමක් කලද විදුලිය විසන්ධි කර දමා යන්නට ගිය බවද උන් වහන්සේ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බිල නොගෙවන ,රටම බන්කොලොත් කරපු කාලකන්නි දුශිත දේසපාලුවෝ ඔය ඕනතරම් ඉන්නේ ? උන්ගෙන් අයකර ගනිල්ලා .
භික්ෂූන් වහන්සේලා කියන්නෙ සිල් රකින , බ්‍රහ්ම චර්යාවේ සිටින උත්තමයන්. කට්ටිය රාජකාරිය අකුරටම කළාට අකුසල් ගොන්නක් ගොඩගහ ගත් වග නොදැනෙන්න ඇති.
කුමන දේශපාලන පක්ෂයක වේවා, මේ රැස් කරගන්නා අකුසළ කර්ම ඔබලා කොහේ ගෙනයයි ද? මොන ධර්මයකට හෝ සම්බන්ධ සිද්ධස්ථාන වලට මෙවැනි අකටයුතු කමක් කිරීම යෝග්‍ය නොවේ. හැකි අයුරින් සහනයක් සැලසීමයි කළ යුතු වන්නේ.
රට බංකොලොත් කරපු උන්ට සාප වේවා
සියයට හැත්තෑවකට වඩා බෞද්ධයෝ ඉන්න රටේද මෙහෙම සිදු වෙන්නේ..? ශ්‍රද්ධාව ඉහවහා ගිහිල්ලා පිළිම වලටත් සිවුරු අන්දවන සැදැහැවත් සිටින රටක මෙහෙම වෙනවා කියලා මට නම් විශ්වාස කරන්නත් අමාරුයි.. කතෝලික සභාවෙන් කරන මහලු නිවාස, ළදරු නිවාස, හා වයෝවුර්ධ පැවිදි පුජකයින් රැක බලා ගන්න ආයතන ඕනා තරම් ලංකාවේ තියනවනේ.. ඇ වගේම අනෙක් ආගමික ආයතනත් ඕනා තරම් තියනවා.. ඒ කාගෙන්වත් ලයිට් කපුවා කියලා කිසිම ආරංචියක් නැහැ.. සමහරවිට ඒ අය අරපිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරනවා ඇති.. එහෙමත් නැත්නම්, දායකයින් විසින් ඒ ආයතන වලට උපකාර කරනවා ඇති...හැබැයි කැමරා අටවාගෙන දාන ධර්ම දෙන අන්‍යාගමිකයෝ අපි නම් දැකලා නැහැ..."කටින් බතල හිටෙව්වට", තක්කඩි පුජකයින් සන්තර්පණය කලාට, කාර් කාරයින්ට බලෙන් දන්සල් කැව්වට මොන පිනක්ද..? මොනවා කරන්නද, ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව අහිමි වෙලා බුදුන් වහන්සේගේ උතුම් දර්ශනයටත් අවමන් කරන අවලම්මු රැලක් නේ ලංකාවේ ඉන්නේ...
තාත්තට වගේ පුතාටත් හෙන ගහපන් කියනව ඇරෙන්න වෙන දෙයක් ඔලුවට ආවෙ නෑ හාමුදුරුවනේ ...
ලංකාවේ මිනිස්සු කියන ජාතිය සතුන්ටත් අන්ත වෙලා.මේවා දකින්න එකෙක් නැද්ද
දුරකථන අංකයක් දෙන්න. මට ගෙවන්න පුළුවන්...
රජමාලිගාවල් වල වෙසෙන අයට මේවා පේනනේ නැති හැටි... ICCPR එක යටතේ මටත් දාන්න නඩුවක්...
කාලකන්නි විදුලි සමාගම් සහ ඇමති. එච්චරයි කියන්න තියෙන්නේ. තමුන්ගේ පියාත් ගිලනෙක්ව ඇඳක් උඩ ඉන්න එක හිතලවත් මේ වගේ දේවල් නොකර ඉන්න පුළුවන්.
එක හාමුදුරුනමක් යූ ටියුබ් එකේ කියනවා දැක්කා මේ එයාට ලැබුන 33 වෙනි වාහනය කියලා. ගිය සතියේ දැක්කා බුරියානි විකුණන එකෙක් කොටුපනින පොඩි නම්කර වෑන් එකක් පුජාකරනවා. දැන් ඔක්කොම කුණු බේරුවල බොක්කට කියුවා වාගේ සමාජ මධ්‍යයේ කුණු උනොත් ඒ තැන්වලට සල්ලි එන්නේ බිලියන ගණන්. සෝබන බෞධයෝ ඉන්න රටක ඕක ඔහොම තමයි. මේකට විසදුම මෙවැනි තැන්වල බිල රජය මහජන මුදලින් ගෙවීම නම් නොවේ. අර ලැබෙන මහා එවුන්ගෙන් කෝටිපති පන්සල්වලින් බද්දක් අරන් මෙවැනි තැන්වලට ගෙවීම. සයිබර් අවකාශයේ බුදු නළුවන්ට රගපාන්න බැරිනම් බඩගින්නේ මියැදෙන හාමුදුරුවෝ ඉන්න තැනට සෝබන බෞධයෝ පිරුන රටක් මේක.
මේ රටේ අගමැතිවරයාගෙ ප්‍රදේශයයි අමන හැතිකරයටම යලි ඡන්දය දෙමුද?
බුදු සසුන වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙලා ඉන්න රාජපක්ෂ රෙජිමේන්තුවට ඔය ගැන දැනුම් දුන්නනම් කරන්ට් බිල ගෙවල ප්‍රශ්ණෙ විසදලා දෙයි. ,,, ආ අමතක වුණා උන් උන්ගෙ කරන්ට් බිලවත් ගෙවන්නෙ නැහැනෙ.
මේගොල්ලන්ගේ චන්දය ගන්න නම් දැන් දේශපාලු පෙරේතයෝ ටික එයි .ඊට පස්සේ ඉන්නවද මැරුණද කියලා සොයා බලන්න වත් එවුන් නැත
සනත් නිශාන්ත ඇමති තුමාට දැන්නුවේ නැතිද හාමුදුරුවනේ.
ඕවා අපිට නෙවේ මහානයකලට කියන්න එයාලට හොඩ හොඳ යන වාහන එහෙම තියෙනවා ඒව විකුණලා ඔයවගේ පිනක් කරන්න කියන්න. අපි වගේ නෙවේ නේ එයාලා, සැප ගිහි ගේය අතහැරලා නිවන් මග සොයා යන පිරිසනේ.
කරුණාකර ආයතනයේ නම සහ ලිපිනය සඳහන් කරන්න
කාංචන කියන්නේ වීරයෙක්...
ඇස් නොපෙනෙන බිහිරි විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී ඇති සරණක් නොමැති රෝහල්වලින් ගෙනැවිත් බාරදෙන වයෝවෘද්ධ / ගිල්වූ භික්ෂූන් මෙම ස්ථානයේ වැඩ වාසය කරන්නේනම් එවැනි භික්ෂූන්වහන්සේලා වෙනුවෙන් වෛද්‍ය මද්‍යස්ථාන කිහිපයක් ලංකාවේ විවිද ප්‍රදේශයන්හි පිහිටුවීමට කුමන ආකාරයට කළහැකිද යන්න සොයා බැලීම වැදගත්වේ. පුද්ගලික සහ රජය මැදිහත්ව වයෝවෘද්ධ / ගිල්වූ භික්ෂූන් වෙනුවෙන් පදනමක් ඇති කිරීමට නොහැකිද ? පුහුණු කරනලද බික්ෂුන් වහන්සේලා යොදවා මෙවැනි ආයතන පවත්වාගෙන යාමට හැකිද යන්නත් මෙවැනි කරනා පිලිබදව විස්ලෙෂනයකර / අදයයනයක් කර මහජන අදහස් විමසා මහජනතාවද දායකත්වය ලබාදෙන පරිදි අලුතින් සිතා යමක් කළයුතුව ඇත.
මට දුරකථන අංකයක් දෙන්න. මම උදවු කරන්නම්
හැකිනම් මේ පන්සලේ භික්ෂුන් වහන්සේ සම්බන්ධ කරගැනීමට හැකි දුරකථන අංකයක් ලබා දෙන්න.
විදුලි බලමණ්ඩලයට අර නාමල්ගේ ලක්ෂ 27ක බිල බලද්දී මේක මොකද්ද? එම බිල ගෙවන්න නම් ඕනේ තරම් අය ඇති. නමුත් මේ වගේ තැන වලට? විදුලි බල මණ්ඩලය නීතිය ක්‍රියාත්මක කරන්නේ පොඩි තැන වලට විතරය් වගේ.
මෙම ආරාමයේ විදුලි ගිනුම් අoකය ප්‍රසිද්ධ කරන්න එවිට පළතුරු පූජා, සිවුරු ඇන්දවීම් වැනි විකාර වැඩ වලට වැයකරන මුදල් මෙවැනි තැනකට පූජා කර සැබෑ පින්කමකට දායක් වියහැක.
කෝටිගණන් ආදායම් ලබන මිහින්තලේ බිල ගෙවන්න අය ඉන්නවා... මේවාට ප්‍රසිද්ධිය ලැබෙන්නැති නිසා කවුරුවත් නෑ.
ඇයි ඔය ලක්ෂ ගණන් වියදම් කරලා කඨින පෙරහැර කරන අයට බැරිද මේවාට මැදිහත්වෙලා සැබෑ යුතුකමක් ඉටු කරන්න...!
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදුහාමුදුරුවනේ... එච්චරයි කියන්න තියෙන්නේ. මේ සාපයෙන් මිදෙන්න බැහැ... රට අගාධයට දාපු දේශපාලකයින්ට...
දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද?
දෙවියනේ මේ දෙස නෙත් යොමන්න...!
රජයේ නිළධාරි සේවයේ යොදාගෙන රජයේ ඉඩම් ගොඩනැගිලි ඇතිව සමාජ සේවා දෙපාර්තමේන්තුව නඩත්තු කරන වැඩිහිටි නිවාස ලංකාවෙ තියෙනවා එහෙම තියෙද්දි අසරණව සිටින භික්ෂුන් වහන්සේසේලා වෙනුවෙන් හාමුදුරුවෝ පවත්වා ගෙන යන මෙම නිවාසයට අත්වූ ඉරණම ඉතාමත් ඛේදනීයයි මෙහෙම පුවතක් දැක්කම රටේ පාලකයො ඇවිල්ලා අඩුම තරමින් දවසක් මේවායේ ඉදල ගියොත් මේවායේ තියෙන දුක්ඛිත තත්වය තේරුම් ගන්න පුළුවන් වේවි දේශපාලුවන්ට බැරිනම් උන්ගෙ සම්බන්ධීකරණ නිළධාරින් මෙහෙම ඒවායේ තත්වය බලන්න යවන්න බැරිද ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස පරීක්ෂා කර ඇති කෙනෙක් හැටියට මම අත්දැකීම් අනුව කියන්නෙ .
ලෝකෙට බණ කිව්වාට තමන්ගේ ආදායම් වියදම් සහ ගැටළු කළමනාකරණය කරගන්න බැරි එක ගැන කණගාටුයි. මේ කමෙන්ට් එකට බහුතරයක්ම අය විරුද්ධ වෙයි. ඒත් ඇත්ත ඒක තමයි. හරි විදියට බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගයේ ගමන් කෙරුවා නම් ඔහෝම වෙන්නේ නෑ. රටේ අනිකුත් ආගම්වල අයට මෙහෙම වෙලා නෑනේ. ඒක හින්දා ඇත්ත ගැටළුව අඳුනාගෙන ඒකට විසඳුම් හොයන්න. අනුකම්පාවෙන් ආධාර කිරීමට වඩා තිරසාර විසඳුමක් මේ වගේ ගැටළුවට වුවමනායි..
අනේ සමාවෙන්න. ඔය බිල ගෙවන එක පුතානෝට කිව්වානන් ඒත් කරගන්න තිබුණානේ. ලංවිමට ගෙවන්න තියන ගණන කීයද කියලා කියන්නකෝ හාමුදුරුවනේ...!
"බුද්ධ ශාසනය නගාසිටුවීමටත් එය ආරක්ෂා කිරීමටත් රජය බැඳී සිටියි."
බෙන්ස් කාර් තියාගෙන ඉන්න, අනේක ශූඛ විහරණයේ යෙදෙන, කම්සැප ලබන ඕනෑතරම් භික්ෂූන් වහන්සේලා යැයි නමට පමණක් සිටින මේ පාර්ශවයට මේ අවනඩුව පේන්නේ නැද්ද? 90% ක් බෞද්ධයින් පේන්නැද්ද?
බුදුහාමුදුරුවෝ අත්හල භෞතික සැප සම්පත් විඳින පංසල් වල හාමුදුරු ගොල්ලන්ගේ නෙත ගැටේවා, මහා පවුකාර අශුද්ධ තක්කඩි දේශපාලකයින්ගේ නෙත නොගැටේවා...!