IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගෑස් සිලින්ඩරයක් පුපුරා යුවළක් රෝහලට

(පද්මසිරි ගාර්දියවසම් සහ එම්. කේ. නන්දසේන.)    

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි . 

අද (11) උදේ 8.30 ට පමණ මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇත.  ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් තුවාල ලබා ඇත්තේ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක සහ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

උදේ ආහාර පිළියෙළ කිරීමට යාමේදී මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇතැයි පොලිසිය පවසයි .  තුවාල කරුවන් කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා තිස්සමහාරාම දෙබරවැව රෝහලට මාරුකර යවා තිබේ .

 



අදහස් (1)

ගෑස් සිලින්ඩරයක් පුපුරා යුවළක් රෝහලට

සිල්වා Tuesday, 11 February 2025 11:15 AM

දැනට තිබෙන ගෑස්වල ප්‍රමිතිය සැක සහිතයි. මාසයක් පාවිච්චිවන සිලින්ඩරය දැන් දින විසි එකෙන්ම ඉවර වෙනවා. අමතර ඉවුම්පිහුම් කිසිවක් නැත.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site