
(අංජුල මහික වීරරත්න)
ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීම සඳහා මිතුරු රාජ්‍යයන් සමඟ කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විට සාර්ථක වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක දී අද (17) පැවසීය.
රටේ බලශක්ති ක්ෂේත්රයේ අර්බුදයක් ඇතිවීම වැලැක්වීම සඳහා උපරිම ලෙස කටයුතු කරමින් සිටින බව කී ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා කිසිම බාධාවක් ඇති නොවන ලෙස ඉන්ධන සපයන බව කීය.
අභියෝගය ජයගැනීම සඳහා රජය උපරිමයෙන් වෙහෙසෙන හෙයින් ඊට සහයෝගය දෙන ලෙස සියලු ක්ෂේත්‍ර වලින් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය.
බොරතෙල් සැපයුම් මෙට්‍රික් ටොන් අනු දාහක නැව් දෙකක් නියමිත කාලයට ලබාගන්නට හැකියාව ලැබෙන්නේ නැතැයි ද පෞද්ගලික අංශයේ තෙල් අලෙවි කරුවන්ගේ එක නැවක් නියමිත කාලයට ලැබෙන්නේ නැති බව වාර්තා කර තිබෙන අතර ඒ නිසා අවශ්‍ය වන ඉන්ධන සැපයුමේ අඩුවක් තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ඊළඟ ඉන්ධන මිල වැඩිවීමක් සලකා බලා ඉන්ධන වල බද්ද යම් ප්‍රමාණයක් අඩු කරන්න බලාපොරොත්තු වෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයියන්ට තේරෙන්නේ නැති ...........දේවල් CPC ණයම කෝටි 90,000/- තැන්කු නාමල් අයිය.ඔයාල තමයි හොඳටම කරලා තියෙන්නේ
බද්ද දැන් අඩු කරන්නකෝ. බද්ද නිසා ජනතාව දැනුත් වැඩි මිලක් ගෙවනවා නේ. කිව්වේ නම් ආණ්ඩුව ගත්තු ගමන් බදු අයින් කරනවා කියලා. මෙච්චර අමාරු තත්වෙක තියෙද්දිත් ඒක ගැන සලකා බැලිල්ලක් විතරයි.
දැන්වත් කයිය නවත්වල පෙට්‍රල් දෙනවද, අපි තාම පෝලිමේ
එක ජෙප්පෙක් කියලා තියෙනවා පෙට්‍රෝලියම් එක කෝටි 90000ක් ණයයි කියලා. ඒත් පෙනුනේ නැහැ... ණය වැඩියෙන්ම ගෙවන්න තියෙන්නේ කාටද කියලාත් මොකක්ද හේතුව කියලාත්. ලංකාවේ ලොකුම ඩීසල් පුච්චන ආයතනය තමයි ඩීසල් බලාගාර කියන්නේ. බාල ගල්අඟුරු ගෙනත් ඩීසල් බලාගාරවලට අධික ඉල්ලුමක් ඇති කරලා නොපියවූ ණය කන්දරාව තව වැඩි කරනවා කියලා මේ ජේවීපී මහත්තයාට තේරිලා නැහැ. ඔන්න මොළේ වපසරියේ තරම...
කයිතන්....