IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ග්‍රාමීය බැංකුවල කෝටි 1000ක් පිල්ලි ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

ග්‍රාමීය සහ විවිධ    සමූපකාර බැංකුවල සිදුවී ඇතැයි පැවසෙන රුපියල් කෝටි දාහකට වැඩි  මුදල් වංචා දූෂණ සහ අක්‍රමිකතා විගණනයේ යම් යම් දුර්ලතා සහ ප්‍රමාදයන් හේතුවෙන් කාලයක් තිස්සේ සොයා ගැනීමට නොහැකිව ඇතැයි  වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් රත්නායක මහතා පැවසීය.

බස්නාහිර පළාතේ පමණක් ග්‍රාමීය සහ සමූපකාර  බැංකුවල රුපියල් කෝටි 500කට වැඩි
මුදල් වංචා සිදුව ඇති බව පැවසූ  නියෝජ්‍ය අමාත්‍යවරයා මෙයට අමතරව වයඹ සහ මධ්‍යම පළාත්වලද  විශාල වශයෙන් මුදල් වංචා   සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

ග්‍රාමීය බැංකුවල දූෂණ වංචා සහ අක්‍රමිකතා බොහෝ ප්‍රමාණයක් පළාත් මට්ටමේ විගණනයෙන් සොයා ගැනීමට නොහැකිව ඇති බවත් ඇත්තටම සිදු වූ දූෂණ වංචාද  විගණන  ප්‍රමාදයන් හේතුවෙන් අනාවරණය කරගත  නොහැකිව පවතින  බවත් ඔහු සඳහන් කළේය.

මේ අනුව අමාත්‍යාංශය විගණනය ශක්තිමත් කර ගැනීමට මැදිහත් වෙමින් සිටින බව  පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා  ග්‍රාමීය බැංකු විගණනය සිදුවන්නේ පළාත් විෂයට අදාළව බවද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන්  සමූපකාර කොමසාරිස්වරිය සමඟ දීර්ඝව  සාකච්ඡා කරන බවද ඔහු කීය.



අදහස් (2)

ග්‍රාමීය බැංකුවල කෝටි 1000ක් පිල්ලි ගිහින්

M A P Hemachandra Sunday, 14 September 2025 06:38 AM

මෙම වංචා වලට සමූපකාර දෙපාර්තමේන්තුවේ අයත් සම්බන්ධයි.

:       0       0

කේ.ඒ.ජී.එස්.බණ්ඩාර Sunday, 14 September 2025 12:19 PM

එකගයි. නිසි නියාමනයක් සිදු නොවේ. මධ්‍යම පළාතේ විශේෂයි. නියාමනයට සිටින අයත් එක්ක එකට ගේම් ගහන්නේ. සාක්ෂි සමග පෙන්වා දුන්නත් බලධාරින් වහනවා. යට ගහනවා. විගණනයට එන නිලධාරීන් අන්ත දූෂිතයි. හසලක සමූපකාර සමිතියේ සිදු වී ඇති තත්වයන් සෝචනීයයි. වගකීමෙන් කියන්නේ. කුමන තැන්වලට දැනුම් දුන්නද ඵලක් නැත. පනත් වෙනස් විය යුතුමයි. පළාත් දෙපාර්තමේන්තුවලට වැඩි ඉහළ නියාමනයක් අත්‍යාවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site