
(නිමල කොඩිතුවක්කු)
ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවය බවත් ඒ සඳහා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය.
ඉතා හොඳ දත්ත පද්ධතියක් මඟින් සහනාධාර ලැබිය යුතු ජනතාව නිවැරදිව හඳුනාගත් යුතු බවත් ඒ තුළින් ග්‍රාමීය ජනතාවට සහනාධාර ලබාදෙන ආකාරය නිවැරදිව සිදුකළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ග්‍රාමීය ජනතාවට ආධාර ලබාදෙන සියලු වැඩසටහන් ඒකාබද්ධ කළ යුතු බවත් එයට රාජ්‍ය නිලධාරීන් අවංකව මැදිහත් විය යුතු බවත් ‘ප්‍රජාශක්ති‘ ජාතික වැඩසටහනේ සමාරම්භයට කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවේ උන්දැලා දන්නේ වැඩකරන මිනිහාට බදුගහලා නිකන් ඉන්න ගම්වල උන්දැලාට ආණ්ඩුවෙන් පිනට කන්න බොන්න දෙන්න එක විතරයි වගේ....
ආධාර නොවේ, ඔවුන්ට නව රැකියා, ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා දෙමු ග්‍රාමීය කෘෂිකර්මාන්තය දියුණු කිරිම අත්‍යාවශ්‍යයි. කරුණාකරලා නව තාක්ෂණය කෘෂිකර්මයට අගය එකතු කළහැකි ව්‍යාපාර ඇතිකිරීම පෙළඹවීම කළ යුතුයි...! සියලුම මානව සම්පත වැඩ කලයුතු උපරිම පැය ගණන පැය 40 කර අනිවාර්යයෙන්ම දවස් 5 කට සීමාකළ යුතුයි. අවශ්‍ය නම් අතිකාල ගෙවා සති අන්තයේ වැඩකළ හැකිය. වෙනසක් කළ යුතුයි! හොරු අල්ලා මෙක දියුණු කල නොහැකිය. නව කර්මාන්ත ඇති කළ යුතුයි! කිසිම දෙයක් Free නොවිය යුතුයි...!
තරුණ පරපුර ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස තම ඉහළ ශක්තිය හා තරුණ බව නාස්ති කරන ආකාරය පිළිබඳව ප්‍රමාණාත්මක පර්යේෂණයක් නොමැත. සිංහල තරුණයින් මෙම ආදායම් මාර්ගයෙන් ඉවත්වීමට අධෛර්යමත් කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතුයි. තරුණ පරම්පරාවේ මුළු නාස්ති කරමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන ක්‍රමය ඒ ගැන කතා කිරීමට කැමැති නැත. ඔවුන් හැකි තරම් ඒවා භාවිතා කිරීමට කැමැතියි. වයස අවුරුදු 25-40 අතර තරුණයින් කී දෙනෙකු ඔවුන්ගේ ප්‍රමුඛ කාලය නාස්ති කරනවාද? අනුර රජයට හෝ වෙනත් රජයකට මේ සඳහා විසඳුමක් තිබේද? සිංහල ගම්බද තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී හෝ ත්‍රිරෝද රථ රියදුරන් ලෙස සේවය කරති.
ග්‍රාමීය දිළිඳුබව තුරන් කරන්නේ රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට තවත් පඩි දීමනා වැඩි කරලාද? දූෂිත රාජ්‍ය සේවයට තව තවත් දහස් ගණනින් රඳවාගෙනද?
දැන්වත් කයිය ගහන එක නවත්වලා ක්‍රියාත්මක කරන්න යන වැඩපිළිවෙල කියන්නකෝ. ඔයාට කයිය ගැහුවාම මාසේ අන්තිමට පඩි ලැබෙනවා. අපට එහෙම නෑ. ඔය සහනාධාර බෙදන්න රටේ ජනාධිපති කෙනෙක් ඕන නෑ, ඕක ප්‍රාදේශීය ලේකම් හොඳට කරනවා.
1990 දශකයේ මුල් කාලයේ "ජනසවිය" කියලා කරේත් ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම තමයි.
සමුර්ධිය වේවා, ප්‍රජාශක්තිය වේවා ඇස්වැසීම නැත්නම් ඇස්බැන්දුම් වේවා මොන ක්‍රමයකට ආධාර දුන්නත් අඩුම තරමින් ඒ අයට සතියකට දෙදිනක්වත් ප්‍රදේශයේ මාර්ග පිලිසකර කිරීම් වැනි ප්‍රජාසත්කාරවල යෙදීම අනිවාර්ය කලයුතුයි. සුද්දා සිටිද්දී රටේ යම් සංවර්ධනයක් වුණා නම් වුනේ එහෙමයි.. නිකම්ම කන්න දුන්නාම වැඩි වාසි පැත්තට හැරි හැරී ආණ්ඩුමාරු කිරීම කරනවා මිස රට ගැන හිතන්නේ නැහැ.. 2019 ගෝඨාභයට 69 යි 24 දි අනුරට 68යි නිකම්ම කවලා පොවලා හැදුවාම ඔහොම්ම තමයි.. සත විසිපහෙන් සමාජවාදියෝ ඇරඹූ විප්ලවය රට කාපු හැටි පේනවා නේද?