
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගරුත්වය දී ගරුත්වය ලැබිය යුතුයි.ගැහැණිය ලෙස පිරිමියාටත් පිරිමියා ලෙස ගැහැණියටත් ගරු කරන සමාජය තුළ මේ උත්තුංග මානව දර්ශන වලට යා හැකි බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"ලෝකය පුරා වැඩබිම් වල කාන්තාවන් ශ්‍රමයේ අයිතිය පිළිබඳව අරගල කරපු ඉතිහාසයක් තිබෙනවා.කාන්තා දිනය දිනා ගන්නේ ඒ හරහායි. ඉපයීමේ කාර්යයේදී විශාල දායකත්වය දෙන කාන්තාව ප්‍රතිලාභ ලැබීමේදී සිටින තැන ගැන හැමදාම ප්‍රශ්න තිබුණා. ප්‍රතිලාභ භුක්ති විඳීමේ දී කාන්තාවට හිමි වුනේ අසමාන තැනක්.ගැහැණිය ගැන සංවේදී වන අයවැයක් අප මෙවර ඉදිරිපත් කර තිබෙනවා" යනුවෙන්ද අමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ දළු නෙලන්නියන්, විදෙස්, ගෘහ හා සාත්තු සේවිකාවන්, "සන්නාලියන්" මූලික ආර්ථිකයකින් යැපෙන අභිමානවත් රටක් තම ඉතිහාසය ගැන උජාරුවෙන් කතාකරන කොට කාටද ආඩම්බර, හසන්ත මහත්තයෝ...?
'ගැහැනියක් ගැන සන්වේදී අය- වැයක්' යනුවෙන් අදහස් කරන්නේ? ගැහැණියක්, ගෘහණියක්, මවක්, බිරිඳක් යන ආකල්ප වලින් එකකටවත් ආදේශ කළ නොහැකි දෑ මෙසේ ඇමතීම හැඳින්විය හැක්කේ 'බොනිකර තරුවක් ' ලෙසයි...
අගමැතිතුමා වගේ නිකම්ම පුරසාරම් දොඩන්නේ නැතුව, නිකම්ම නිකම් ප්‍රකාශ නිකුත් කරන්නේ නැතුව, ස්ත්‍රී දූෂකයින්ට විරුද්ධව චෝදනා එල්ල කරන්න දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්න. අහිංසක කාන්තාවකට ගෘහස්ත හිංසනය කරන කාලකණ්ණි ස්වාමිපුරුෂයන් එල්ලා මරා දැමිය යුතුයි. ශ්‍රී ලාංකික කාන්තාවන් මැද පෙරදිගට අර්ධ වහල්භාවයට යැවීම ක්‍රමයෙන් නවත්වන්න. නේපාලය වැනි දුප්පත්ම රටක් පවා ඔවුන්ව යවන්නේ නැහැ. කළ යුතු වැඩ ගොඩාක් තියෙනවා. නමුත් පෙර රජයන් එසේ කළේ නැහැ. ලොකුම ගැටළුව නම් සුළුතර රජය කලින් කළ දෙයක් බහුතර රජය නොකරන එකයි.