(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාගේ බණ්ඩාරගම නිව්ඩාව නිවසට කලහාකාරීන් පිරිසක් පහරදීමට ආ අවස්ථාවේ ගම්වාසීන් පිරිසක් එක්ව ආරක්ෂා කිරීමට කටයුතු කළ බව අලුබෝමුල්ල පොලිසිය කියයි.
යතුරු පැදි ඇතුළු විවිධ වාහනවලින් මන්ත්‍රිවරයාගේ නිවසට පහරදීමට විශාල පිරිසක් පැමිණෙන බවට නිව්ඩාව ගම්වාසීන්ට දැනගැනීමට ලැබීමත් සමඟම එම ගම්වාසීන් සහ ඒ අවට ප්‍රදේශ වල පුද්ගලයන් තුන්සියයක් පමණ දෙනා ස්වෙච්ඡාවෙන් ඒ මහතාගේ නිවස ආසන්නයට පැමිණ ආරක්ෂාව සැපයීමට කටයුතු කළ බව පොලිසිය කියයි
යතුරු පැදිවලින්,ත්‍රිරෝද රථවලින් පොලු මුගුරු රැගෙන පැමිණි කලහාකාරී පිරිසට රැකවල්ලා සිටි පිරිස විසින් මන්ත්‍රීවරයාගේ දේශපාලනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහුන් ආපසු පිටව ගොස් තිබිණි
ගම්වාසීන් ඇතුළු පිරිස රෑ බෝ වන තෙක් මන්ත්‍රීවරයාගේ නිවස අසල රැඳී සිට ආරක්ෂාව සැපයීමට ක්‍රියා කළහ
ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා පසුපෙල මන්ත්‍රීන්ගේ දස දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.
COMMENTS
ඒ කියන්නෙ පිටින් ආපු එවුන්ද මේ ගෙවල් ගිනි තියන්නෙ...
එයාට අගමැතිකම දෙමූ
සැබෑ මහජන සේවකයෙක්, ආදර්ශමත් ගම්වැසියන්ට ආචාරය...
ඇත්තටම හොඳයි එතුමා ජනතාවගේ පැත්තේ හිටියා ජනතාව ඔහු රැක්කා හොරුන් ගුටි කෑවා
මේක හොඳ ආදර්ශයක්. යහපත් මන්ත්‍රීවරු නෑ කියන්න බෑ. නිර්පාක්ෂික අරගල කරුවන්ගේ නැගී සිටීමෙන් අවස්ථාව උදාකරගත් පරපීඩාකාමී මැරයන් පලවාහැරීම පුරවැසි යුතුකමක්. ඔවුන්ට ආචාර කරමි.
2010 ID කාඩ් හොරෙන් ගහපු බැසිල් ගෙ ප්‍රොජෙකට් එක කරපු එක
නිහතමානී අවංක මන්ත්‍රීවරයෙකි.. පක්ෂ භේදයෙන් තොරව මහජනයා සඳහා කැප වූ මහත්මයෙකි. සියළුම දෙනා මෙතුමාව ආරක්ෂා කිරීම උතුම් ක්‍රියාවකි. තෙරුවන් සරණයි...!