IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගම්පොළ සමූපකාර බලය පොදු විපක්ෂයට

(සුරංග රාජනායක)

සීමාසහිත ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිති නිලවරණය සඳහා ඉදිරිපත් වූ එකාබද්ධ පොදු විපක්ෂයේ සාමාජිකයෝ එහි බලය තහවුරු කරගනු ලැබූහ.

මේ සඳහා ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය කිසිදු සාමාජිකයකු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තේරීපත් නොවූ අතර පොදු විපක්ෂයේ හත් දෙනකු ඒ සඳහා තේරී පත්වී ඇත.

මෙම ජයග්‍රහණය සඳහා එම පක්ෂවල නායකයන් නිසිමග පෙන්වීමක් සිදුකළ බව මේ සඳහා එක්වූ පිරිස ප්‍රකාශ කළහ.

ජයග්‍රහණයෙන් පසු පිරිස නගරයෙ රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කළ අතර මේ ආකාරයට ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය මගින් රටම ජයග්‍රහණය කරන බවද සඳහන් කළහ.

 

 



අදහස් (9)

ගම්පොළ සමූපකාර බලය පොදු විපක්ෂයට

Ajantha Sunday, 19 October 2025 07:32 PM

හොරු එකතු වෙලා රතිඥ්ඥත් පත්තු කරලා... ඔයාලා එකතු වෙලා එන්නකෝ ජනතාව ළගට...

:       46       66

Nel Monday, 20 October 2025 03:05 AM

රතිඤ්ඤා දැමිල්ලට නම් මමත් කැමති නෑ සත්තුන්ටත් මිනිස්සුන්ට කරදර නිසා. ඒත් අජන්තා ඔය ඡන්දය දීලා තියෙන්නේ ජනතාවගෙන් කොටසක්ම නේද. ඉතින් මොකද මේ ප්‍රතිඵල ගැන අසතුටු. අනිත් එක පහුගිය දවස්වල තිබුණු හැම සමුපකාර ඡන්දයක් වගේම කෙළවර වුනේ මාලිමාව බින්දුවට බැහැලා. ඒකට හේතුව හොයන එක පැත්තක තියලා ඡන්දය දිනපු අයට බැනලා වැඩක් තියනවාද

:       6       14

ඇන්ඩෘ සෙබඩවිල Sunday, 19 October 2025 08:51 PM

හපොයි දෙයියනේ! මේ ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ මෙරට ජනතාව නොව වෙනත් ග්‍රහලෝකයක ජනතාව යැයි සිතා මාලිමා සේදුම් බලකායේ අපි වින්දනයක් ලබමු.

:       8       12

Vini Monday, 20 October 2025 06:18 AM

නියමයි ,මූසල ජෙප්පන් පරදවමු

:       12       15

Rata PerataMonday, 20 October 2025 11:44 AM

තවමත් මේ වගේ නූගත් බයියන් ඉන්නවා කියලා කියන එකත් අප්පිරියයි. මේ අවුරුද්දට රටේ තිබුණු මොන තරම් වැරැදි අල්ලගත්තාද? මේ වගේ අපතයින්ට ඒවා වැඩක් නෑ.

:       0       0

ජනතාව Monday, 20 October 2025 07:52 AM

චන්දෙ නම් මාලිමාවෙන් පිට නැ රජෝ, ඔය මොකක්ද

:       6       10

Priyantha Dissanayake Monday, 20 October 2025 08:09 AM

සාක්ෂරතාව ඉහළ මට්ටම පවතින අපේ රටේ මිනිසුන්ගේ දේශපාන සාක්ෂර තාවය ඉතාමත් කණගාටුදායක මට්ටමක පවතින්නේ. කරුණාකර UNP, සජබ, පොහොට්ටු, NPP අපි හැමෝම බුද්ධිමත් වෙන්න ඕන.අපි එදාත් රැවටුනා, වර්තමානයේත් එසේමයි. හැකිනම් අනාගතේවත් එසේ නොවී ඉන්න අදිටන්කරගන්න ඕන. එසේ නොවනතාක් දේශපාලකයෝ නම් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. අපට ඕන රටට ජාතියට ආගමට ආදරය කරන පාලකයෙක්, පාලක පිරිසක්. එවන් පිරිසක් එදා අතීතයේ සිටියා අපේ රජ දරුවෝ එසේවූ නිසා තමා බටහිර ජාතීන් කැළයේ සිටියදී ශිෂ්ඨ සම්පන්න සහ දියුණු ජාතියක් ලෙස වැජඹුණේ. ගෞරවණීය සෝම ස්වාමීන් වහන්සේ ලොකු උත්සාහයක් ගත්තා මේටික තේරුම් කරදී රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂාකරගෙන අතීතයේ පැවති ශ්‍රී විභූතිය ඇතිකරගැණීමට අවශ්‍ය පසුබිම සකසන්න. උන්වහන්සේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ගමේ මිනිස්සු ටික හදාගන්න පෙරමුණගන්න, පෙරට වඩින්න කියා. උන්වහන්සේ පෙන්වා දුන්නේ ගමේ මිනිස්සු ටික ආගමට දහමට ලැදි ශිල්වත්, ගුණවත්, නැණවත් පිරිසක් වනවිට තේරීපත්වන ජනතා නියෝජිතයාත් ඒ අතර , සහ සතර බ්‍රහ්ම විහරණ ඇති කෙනෙක් ඔහුගෙන් වෙනත් ජාතියකට ආගමකට හානියක් නැහැ. එදා උන්වහන්සේ කී දෙය මගේ වචනයෙන්.

:       3       10

ගුනදාස Monday, 20 October 2025 12:47 PM

කලබල වෙන්න එපා. ගිය මැතිවරණේ ගම්පොල නගර සභාව දින්නෙත් සජබය, ඒ දිනලත් අර රටම දිනලා රතිංඤිඤ කරලක්වත් පත්තු නොකළ මිනිස්සු වගේ නෙමෙයි, මේ අයගේ පුරුද්ද නැති කරගන්න බැ... ඒ තමයි ඒ අයගේ සංස්කෘතිය, බලන්න මැතිවරනයක් තිබ්බොත් ඔය අයගේ තත්වය, දැන් මරාගත්තා මාස කීපයකට පෙර දැන් දන්නවා යන එන මන් නැහැ කියලා, පොදු විපක්ෂයක් කියලා අටමගලක් අටවාගෙන ඡන්දෙ ඉල්ලනවා කියනවා, ඒත් එතැන නායකයා තෝරන්න ගිය දවසට ඕකත් චක බලාස් වෙනවා...

:       0       0

චන්දපාල Monday, 20 October 2025 01:12 PM

පැරණි ක්‍රමයට මැතිවරණ ආසනයකට එක් සමුපාකාර සමිතියක් තියෙනවානම් එම කොටසේ ඡන්දදායකයින් කොපමන ප්‍රමාණයක් ඔය සමුපකාරෙ ඡන්දෙට ඡන්දය පාවිච්චි කරනවාද? ඒ නිසා ඔය ඡන්දෙකින් ජනතා මතය කියන්නේ කොහොමද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 723 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site