(නිමල කොඩිතුවක්කු)
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (9) පෙරවරුවේ සිට ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මානය, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවන, කලල්පිටිය, ඇලමුල්ල යන ප්‍රදේශවලට මෙලෙස සැපයුම අත්හිටුවනු ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව සෙනසුරාදා උදෑසන 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙසද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්