
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ටී 56 ගිනි අවියක් හා ජිව උන්ඩ 30 ක් රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
එම කොස්තාපල්වරයා ඊයේ (8) රාත්‍රී විදේශ ගතව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නිලධාරියාට ඉකුත් 8 වෙනි දින කහ විට ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු එලෙස පිටව යාමට විනාඩි 18 කට පෙරදී අංක 28045840 දරන ටි 56 ගිනි අවිය සහ එම උණ්ඩ 30 ක් පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ලබාගෙන පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.
එනමුත් එම කොස්තාපල්වරයා මාර්ග බාධක රාජකාරී සඳහා වාර්තාකර නැතැයි උසස් පොලිස් නිලධාරියා කීය. මෙම කොස්තාපල්වරයා ස්ථානයෙන් පිටව යාමේදී සටහන් යෙදීමක් හෝ කාර්යභාර නිලධාරියා දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවත් ඔහුගේ පෞද්ගලික දුරකථනයද මේ වන විසන්ධි කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවියක්-ජීව උණ්ඩ රැගෙන පීසී පැන ගිහින්
m. saman perera Monday, 10 February 2025 11:15 AM
පුළුවන් නම් මේකටත් රජයේ වැරැද්දක් කියපල්ලා!