
(රෝෂන් තුෂාර)
අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි පැය 72ක් රඳවා ප්‍රශ්න කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු ලබන 07වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (03) නියෝග කළාය.
එම අපරාධය මෙහෙය විම සදහා දුරකථන සිම් පත් ලබා දීම සහ මනුෂ්‍ය ඝාතනයට අධාර අනුබල දීම යටතේ සැකයට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කළ මිනුවන්ගොඩ උදාර නිර්මාල් ගුණරත්න සහ මිනුවන්ගොඩ පාර දුනගහ ප්‍රදේශයේ පදිංචි නලින් දුශ්‍යන්ත යන සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd