
( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මාදිවෙල ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් සුරූපී කතුන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු ඊයේ (03) දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ස්ථානයේ කළමණාකරු, කාන්තාවන් දෙදෙනෙකු හා පහස ලැබීමට පැමිණ සිටි දෙදෙනෙකු බව පොලීසිය කියයි.
පොලීසියට ලද තොරතුරකට අනුව නුගේගොඩ ආධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන එම ස්ථානය පරීක්ෂා කිරීමේදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව ස්ථානය පරීක්ෂා කිරීමේදී මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු, ඒ සඳහා පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd