
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සඳහා ජාතික ගොඩනැගිලි කේත සංග්‍රහයක් (Building Codes) සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගොඩනැගිලි කේත යනු ජනතාවගේ ආරක්ෂාව, සෞඛ්‍යය සහ සුබ සාධනය සහතික කිරීම මෙන්ම ආපදා අවදානම් අවම වන අයුරින් ගොඩනැගිලි සැලසුම් කිරීම, ඉදිකිරීම, නඩත්තු කිරීම සහ වෙනස් කිරීම සම්බන්ධ අවම නීතිමය හා තාක්ෂණික අවශ්‍යතා සහිත රෙගුලාසි මාලාවකි.
එකී කේත මඟින් ගොඩනැගිලි වල ව්‍යුහාත්මක අඛණ්ඩතාව, ගිනි ආරක්ෂාව, විදුලි පද්ධති, ජල නළ පද්ධති, බල ශක්ති කාර්යක්ෂමතාව සහ ආපදා ප්‍රතිචාර හැකියාව වැනි විවිධ අංශයන් යටතේ සම්පූර්ණ ඉදිකිරීම් ක්ෂේත්‍රයම ආවරණය කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ දැනට බලාත්මක ජාතික ගොඩනැගිලි කේත සංග්‍රහයක් නොමැතිවීම හේතුවෙන් ඉදිකිරීම් වල ව්‍යූහාත්මක ආරක්ෂාව, ගුණාත්මක භාවය සහ නියාමනය පිළිබඳ ගැටලු පැන නැගී තිබේ.
එකී තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව සඳහා ජාතික ගොඩනැගිලි කේක සංග්‍රහයක් පිළියෙල කිරීම හා ස්ථාපිත කිරීම සඳහා 2019-04-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ගොඩනැගිලි කේත සකස් කිරීමේ අදියරේදී අදාළ පාර්ශ්ව කරුවන් සම්බන්ධ කරගෙන, ජාතික ගොඩනැගිලි කේත සංකල්පය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලෝක බැංකු සමූහය විසින් සපයා දී ඇත. එමෙන්ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද දේශගුණික රාජ්‍ය ආයෝජන කළමනාකරණ ඇගයීම් මඟින් යෝජනා කරනු ලැබූ අවසන් සිව් වැදෑරුම් නිර්දේශයන් අතර දේශගුණික ව්‍යසනයන්ට ප්‍රත්‍යස්ථ ජාතික ගොඩනැගිලි කේත සම්පාදනය කිරීම ප්‍රමුඛ කටයුත්තක් ලෙස පෙන්වා දී ඇත.
ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික ගොඩනැගිලි කේත සංග්‍රහයක් (Building Codes) සම්පාදනය කිරීම පිණිස ව්‍යාපෘති යෝජනාවක් සකස් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගොඩනැගිලි හදන විට හිතුමතේ වැඩ දැමිලි බෑ
Nishan Friday, 24 October 2025 04:11 AM
මේවා ඉතින් දියුණු, බටහිර රටවල් වලින් එන ඒවා. බොහෝම හොඳයි. හැබැයි ඉතින් මේසන් බාස්ගේ ඉඳන්, වඩු බාස්ගේ ඉඳන්, අත් වැඩ කරු, ඉලෙක්ට්‍රීෂන්ලා, පයිප්ප බාස්ලා ඔක්කොම මේ අනුව පුහුණු කල යුතු වෙනවා. ඔවුන්ට සහතිකයක්, ලයිෂන් එකක් දිය යුතු වෙනවා. ඒ සඳහා ආයතන පිහිටුවන්න, පුහුණුකරුවන් ගන්න වෙනවා. තව එයාලා හරියට මේ කෝඩ් එක අනුගමනය කරනවද බලන්න සුපවයිසර් කෙනෙකුත් දාන්න වෙනවා. ඊටත් අමතරව නිවස හදන්න ගන්න අමුද්‍රව්‍ය, උපාංග ඔක්කොමත් ප්‍රමිතිගත කරන්න වෙනවා. මේ සියල්ල එකතුවෙනකොට පිරිවැය අධික වෙලා එය නිවෙස් හිමියට දරන්න වීමෙන් ඔහු නිවස හදන එක අත අරින්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ කියන්නේ වෙන රටවල්වල ඒවා කොපි කරලා ගේන දේවල් අපේ රටේදී ප්‍රායෝගික වෙන්නේ නෑ.
Nishan Friday, 24 October 2025 04:16 AM
පාතාලෙට ඉඩ දෙන්න වෙන්න ඇති. හාමුදුරුවනේ ඉක්මනින්ම ජීවිතය බේර ගන්න කොහේ හරි හැංගෙන්න. මේ ආණ්ඩුව පැරද්දුවාම ආපහු එන්න.
Duminda Jayanath Udayakumara Friday, 24 October 2025 05:05 AM
කාලීන අවශ්‍යතාවයක්, ඉක්මණින් බලාත්මක කළ යුතුයි.
Sirisena Friday, 24 October 2025 05:18 AM
මේක ඉතාම හොද ප්‍රවනතාවක් කියන්න පුලුවන් ඒ සමග සාමාන්‍ය වැසියෙක් ගොඩනැගිල්ලක් හදනවිට පළාත් පාලන ආයතන අනුමැතිය ගන්න ඕනෑ. ඒත් ඒවායේ සේවක නිලධාරින් ගොඩනැගිලි හදනවිට නීතියක් නැහැ. මිනිස්සු යන පාරටත් වැහිපීලි හරවා තියෙනවා ඒවා ගැන කියන්න කෙනෙකුත් නැහැ ඊළගට වෙළද සැල් සදහා ගොඩනැගිලි හදද්දී වාහන නැවතුම් (පාකින්) සැළසුමේ තියෙන්න ඕනෑ. එහෙම අනුමත කර වසරකින්, දෙකකින් කඩේ ආදායම් වැඩිවෙනකොට පාකින් වහලා එතනත් පේමන්ට් එකෙත් භාණ්ඩ අතුරනවා පළාත් පාලන ආයතන බලධාරීන් අනුමතකළ නීතී ක්‍රියාත්මකව තිබේද බලන්නේවත් නැහැ. මේ ගැනත් අවධානයට යොමුවේවා...
chinthana Friday, 24 October 2025 09:18 AM
එතකොට ගෙයක් හදන්න පාර්ශ්ව ගණනාවකින් අවසර ගන්න වෙනවා. ලොකු ගානක් වියදමක් කරන්නත් වෙනවා. ඔය අනුමැතිය එක තැනකින්, එක ඉල්ලුම්පතකින් ලබාගන්න ක්‍රමයක් හදන්නත් ඕනා