
( කාංචන කුමාර ආරියදාස)
රුපියල් ලක්‍ෂ හැත්තෑවකට අලෙවි කිරීම සඳහා දඹුල්ලට රැගෙන විත් තිබූ ගජ මුතු දෙකක් සමඟ සැකකරුවෙකු ඊයේ (20) සැකපිට අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
හමුදා බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරින්ගේ තොරතුරක් මත , දඹුල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ගැනුම්කරුවන් ලෙස වෙස් වළාගෙන දඹුල්ල පැල්වෙහෙර රන්දෙණිය වැව ආසන්නයේදී සැකකරු ගජ මුතු දෙකත් සමඟ මෙම සැකකරු අඩංගුවට ගෙන තිබේ
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සංචාරක රියදුරෙකු ලෙස සේවය කරන තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි .
මෙම ගජමුතු වීදේශගතව සිටින ඥාතියෙකු හරහා තමන්ට ලැබුණු බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ
කෙසේ වෙතත් මෙම සැකකරු මෙවැනි ජාවාරම්වලට මීට පෙර සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇත්ද යන්න මෙන්ම මෙම ගජමුතු ඔහුට ලැබුණු ආකාරය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී. එම්. එන්.ජී .ජී . තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගජ මුතු විකුණනන්න ගිහින් පොලීසියට මාට්ටු