
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව ජල මූලාශ්‍රයන්ගෙන් සහ ජල ප්‍රවාහයන්ගෙන් පෝෂිත දූපත් රටක් වන බැවින්, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙන්ම නාගරික මගී ප්‍රවාහනය සඳහා ද එකී ජල මූලාශ්‍ර හා ජල ප්‍රවාහ ඵලදායීව යොදා ගැනීමට හැකියාව පවතින බව රජය පවසයි .
එබැවින්, මෙරට මුහුදු තීරය මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිත කරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
ඒ අනුව, පුත්තලම - කොටුව,කොටුව - ගාල්ල, ගාල්ල - මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම මඟින් සංචාරක ප්‍රවර්ධනය සහ මගී ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, හැමිල්ටන් ඇළ, බේරේ වැව, දියවන්නා ඔය හා මාදු ගඟ වැනි විභවයන් භාවිත කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහන පහසුකම් සැපයීම මඟින් ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතය.
ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝටා ත් ඒකම පටන් ගත්තා. වෙන ශක්‍යතා කරන්න ඕන නෑ. එයාගේ සැලැස්ම එළියට අරන් ක්‍රියාත්මක කරන්න.
බස් ගැමුනුවට දෙන්න.....බස් පාරු සේවය කියල.. ඕකගෙ බස් හැතිකරේ වගේ පාරු පද්දො සෙට් එක මිනිස්සු ටික වතුරෙ දාල ටර්න් එක ගන්න කියල පාලන් උඩින් ...ගල් උඩින් යයි
මැදමූලන #2 ලංකාවේ වෙන මඟුල් නැතුව දුම් රිය සේවය නඟාසිටුවන්න. බස් කාරයින්ට නැමෙන්නෙ නැතුව, හැමතැනකටම දුම් රිය සේවය විහිදුවන්න. ජල මූලාශ්‍ර තියෙන්නෙ මොනතරම් ස්වල්පයක්ද. රජරට පැත්තට ගියහම වැවෙන් එගොඩ කරවන්න තමා සේවාව දෙන්න වෙන්නෙ. ඊට නරකද රජරට අවට විදුළි දුම් රිය සේවයක්, විෂේශයෙන්ම අගනුවර ආශ්‍රිතව හැම අහු මුල්ලකටම විහිදුවානම්. බස් මාෆියාවට තිත තියන්න පුළුවන්. බෝට්ටු වලට වියදම් කරන සල්ලි හොඳටම ප්‍රමාණවත් වැඩේ පටන් ගන්න. ලංකාවේ කිසිම ආණ්ඩුවක් මේ වෙනකම් සාමාන්‍ය ජනතාව ගැන හිතල නෑ. හිතුවනම් බස් ගැමුණුල වගේ මජරයො ගැන තමා.
මෙවැනි සංචාරක ව්‍යාපෘති කීපයක් පිලිබදව අප විසින් , වසර කීපයකට ප්‍රථම ඉදිරිපත් කර තිබුනි . එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම අපගේ එම අදහස අත්හැරීමට ඉවහල් විය .නැවත එවන් ව්‍යාපෘතියකන් පිලිබදව උනන්දුවක් දැකීම සතුටකි