IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක්  ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි

එම සැකකරු සමග හොරෙයින් මත්කුඩු කිලෝ 13 යි ග්‍රෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ  3 යි  ග්‍රෑම් 580 ක් හා විද්‍යුත් තරාදියක් පොලිස් බාරයට ගෙන ඇත

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත  නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාට ලද තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ  ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කවිඳු ප්‍රභාශ්වර මහතා ඇතුළු කණ්ඩායමක්  වැටලීම සිදු කර ඇත.

එහි සිටි සැකකරු අත්අඩංගුවට ගෙන නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක බහා සඟවා තිබූ මත්කුඩු තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

හෙරොයින් මත්කුඩු තොගය පාර්සල් 13 ක් වශයෙන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 02ක් වශයෙන් තිබූ බව පොලිසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මහර ප්‍රදේශයේ මොරින් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ නමක් සඳහන් කළ බවත් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීම සඳහා  27 හැවිරිදි සැකකරුට එරෙහිව රැදවුම්  නියෝග ලබා ගන්නා බවත් පොලිසිය  කියයි

 



අදහස් (4)

කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි

බකල ජයා Saturday, 26 April 2025 09:41 PM

එක්කෙනෙක් කිව්වාට හතර දෙනෙක්ම අත්අඩංගුවට අරගෙන නේද?

:       0       0

swene Sunday, 27 April 2025 06:01 AM

ඔය කියන ස්ථානය අංගොඩ පොලිසියේ ඉඳන් කිමි 1 කට අඩු දුරකින් තිබෙන තැනක්. අංගොඩ පොලිසිය ඒ ගැන නොදැන ගැනීම ද සැකයි ඒ නිසා, ඒ ගැනත් අංගොඩ පොලිසියෙන් කරු නු විමසීම නරකද?

:       0       0

pj Sunday, 27 April 2025 06:07 AM

නිත්‍ය ප්‍රතිඵල ලැබීමට නම් මාළිමාවේ පසුපෙළ මන්ත්‍රීන්ට විශේෂ පොලිස් වරප්‍රසාද දැරීමට නීති සකස්කර මත නිවාරණයට ඔවුන් යොදවන්න.

:       0       0

ගුණරත්න Sunday, 27 April 2025 01:03 PM

කොටිකාවත්ත කිව්වාම සද්ධාතිස්ස හාමුදුරුවෝ මතක් වුනේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site