
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී. කපිල)
මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ශ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යයි සැක පිට පාර්සල් 25 ක් පරීක්ෂණ කළ බවත් මෙම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය සිට කොළඹ,මහරගම,බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණද සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 2193 ක්, කුෂ් නැමැති ගංජා විශේෂය ග්‍රෑම් 1740 ක් සහ එම්පෙතමින් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29 සොයා ගත් බවත් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 43 කට ආසන්න බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
මෙම වැටලීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ බව කී අරුක්ගොඩ මහතා ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ලැබුණු බවද සඳහන් කළේය.
පරීක්ෂණ කටයුතු අවසානයේ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය බවද අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි 4ක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවේ අල්ලයි
හෙළයා Wednesday, 06 December 2023 06:07 AM
මේවා දැන් පුච්චලා විනාස කරන්න දෙන්න එපා. ගෙනාපු අයව අත්තඩන්ගුවට ගෙන මෙවා දුප්පත් මිනිස්සුට නිකන් බෙදලා දෙන්න. මේ අමරු කාලෙ එ මිනිස්සුට මේක හොඳ අස්වැසිල්ලක් වේවි.