(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා තල්මස් අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු හොරණ හොරකැටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සන්තකයේ තිබී අම්බර් කිලෝ 5 ගෑම් 620 ක් පොලිස් භාරයට ගෙන ඇත
තල්මස් අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයෙකු කිලෝ 1 රුපියල් ලක්ෂ 50 බැගින් විකිණීම සඳහා ගැනුම්කරුවකු සොයමින් සිටින බව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් කණ්ඩායම් අංක 10 ප්‍රධානී උප පොලිස් පරීක්ෂක ප්‍රබෝධ දර්ශන මහතා වෙත ලබාදීමෙන් අනතුරුව අම්බර් මිලදී ගන්නා අයුරින් උපාය දූතයකු යොමු කර කිලෝවක් ලක්ෂ 45 බැගින් මිලදී ගන්නා මුවාවෙන් හොරණ හොරකැටිය ප්‍රදේශයේ නිවස වටලා මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු ගෙන් අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම ගනුදෙනුව සිදුකිරීම සඳහා ඔහු හොරණ ප්‍රදේශයේ ඥාති නිවසට පැමිණි බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම අම්බර් තොගය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලැබුණ බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සහ අම්බර් තොගය හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
20
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 3 ක අම්බර තොගයක් අල්ලයි