IMG-LOGO

කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ

(රෝෂන් තුෂාර)

 

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන  රුපියල් තුන් කෝටි විසිපන්  ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ වරුන් වන අඹු සැමි යුවලක්  කළ ඉල්ලීමක් ඉවත දැමූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අදාළ මුදල්  වහාම ගෙවන ලෙස නියෝග කරමින් මාස හයක ලීහිල් වැඩ සහිත සිරදඬුවමක් අද (07)නියම කළේය .

2014 වසරේ ගෙවිය යුතු වැට් බදු  මුදල් වසර දහයක් තිස්සේ නොගවා පැහැර හැරී ඇති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන්  ඉල්ලා සිටින පරිදි තවත් වසර පහක සහන කාලයක් ලබා දුනහොත් වසර පහළොවක් නොගොවා පැහැර හැරී බද්දක් වන බවට සඳහන් කළ අතර පනතේ විධිවිධාන ප්‍රකාරව එය කළ නොහැකි බව පෙන්වා දෙමින් මෙම නියෝග නිකුත් කළේය.

2014 වසරේ කාර්තු තුනක් සහ 2015 වසරේ කාර්තු හතරක් සඳහා නොගෙවා පැහැර හැරියේ යැයි කියන බදු මුදල් අය කර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 2018 වසරේදී මෙම නඩුව පවරා ඇත .

  දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ පැමිණිල්ල සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය 2022 ඔක්තෝම්බර් මස 03 දින තීන්දුවක් නිකුත් කරමින්  අදාල බදු මුදල් ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කර ඇත. මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව වගඋත්තරකරුවන්  විසින් අභියාචනයක් ගොනු කර ඇති අතර අදාල අභියාචනය සලකා බැලූ මහාධිකරණය පසුගිය2024 පෙබරවාරි 29 වැනි දින අභියාචන පෙත්සම ගාස්තු රහිතව නිශ්ප්‍රභ  කළේය.

මාධිකරණය මගින් අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට එරෙහිව වගඋත්තරකරුවන්  විසින් අභියාචනාදීකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කල අතර එම රීට්  පෙත්සමද අභියාචනාධිකරණය නිෂ්ප්‍රභා කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප් පෙරුම මහතා කරුණු ඉදිරිපත් කරමින් බදු ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන ලෙස ඉල්ලමින්  ගෙවීම් සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කළේය.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පනතේ විධිවිධාන ප්‍රකාරව එවන් අවස්ථාවක් ලබා දිය නොහැකි බවට සඳහන් කරමින් අදාළ නියෝග නිකුත් කරමින් බදු මුදල් නොගෙවන්නේ නම්  මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් ද නියම කළේය..

දේශියාදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර  වග උත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප් පෙරුම මහතා පෙනී සිටියේය.

 



අදහස් (8)

කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ

මෝඩ කැලුම් Monday, 07 October 2024 06:36 PM

අදාල වන්දිය සමාගමේ දේපල විකුණා විශාල දඩයකුත් එක්ක අයකර ගන්න. හිරේ දාලා වැඩක් නෑ. එතකොට කෑම, බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් වගේ ඒවාට මහජන මුදලින් තමයි වියදම්...!

:       4       86

AnushaMonday, 07 October 2024 08:16 PM

ලංකාවේ නීතියට අනුව එහෙම හිරේ ගිහිල්ලා VAT ගෙවන්න බෑ. ගෙවපු නැති ටික පොලිය, දඩ ඔක්කෝම එක්ක ගෙවන්නම වෙනවා. හිරේ දාන එක කරලා තියෙන්නේ ගෙවපු නැති හින්දා, ගෙවපු නැති එකේ හිඟ පාඩුවට නෙමෙයි.

:       0       0

Marikkar Monday, 07 October 2024 07:00 PM

බදු වංචා කරන්නන් ගණනාවක් සිටින අතර ඔවුන් සියල්ලන්ම අධිකරණයට යොමු කළ යුතුයි. ඔවුන්ගේ බදු රජයට ගෙවිය හැකි එකම මාර්ගය මෙයයි.

:       3       63

චන්දිම Monday, 07 October 2024 08:33 PM

පහුගිය කාලේ නම් බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ ආයෝජකයින් කඩා වැටුණා. විශේෂයෙන්ම ඉදිකිරීම් කොන්තරාත් වැඩ කරපු අය. සමහරුන්ට මුලින් අඩු පොලියට පොරොන්දු වෙලා බැංකු දීපු ණය වැඩි කරපු පොලියත් එක්ක ගෙවන්න කිව්වාම කර කියා ගන්න දෙයක් නැති වුණා. වැඩ කරන්න අමුද්‍රව්‍ය බඩුත් නැහැ තියෙන දේත් වැඩිකළ වැට් බද්ද නිසා මිල දරන්න බැරි වුණා. ආදායමත් නැති වුණා. බැංකුවෙන් ණය ගෙව්වේ නැත්නම් දේපල පවර ගන්නවා කියලා ලියුම් පිට ලියුම් ආවා. කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න තියෙන ගෙදර හැර අනික් ඉඩකඩම් සහ වාහන පවා විකුණලා තමයි ණය කරුමෙන් බේරෙන්න වුනේ. මගේ සහෝදරයාට සිද්ධ වෙච්චි දේ තමයි මම මේ කිව්වේ... මේ පීඩනය නිසා ඔහුට හදවත් ආබාධයකුත්ද හැදුණා. දැන් ලෙඩෙක් වෙලා. දැන් නම් බදු ගෙවනවා තියා ගෙදර කන්න, බොන්න වත් සල්ලි නැති තත්වයක් තියෙන්නේ. ඔය පොලි අනුපාතය වැඩි කරලා ආර්ථිකේ ගොඩ ගත්තයි කියන මිනිස්සුන්ට මේවා පේන්නේ නැහැ. බදු අයකර ගන්න ඉන්න හිටින්න තියෙන ගේත් විකුණන්න වුනොත් පාරට තමයි බහින්න වෙන්නේ...!

:       0       0

සිරිබිරිස් Tuesday, 08 October 2024 02:24 AM

මාස 6 ලිහිල් සිරදඬුවමට පස්සේ ගෙවිය යුතු බදු මුදල අහෝසි වෙනවාද? එහෙම වෙනවා නම් හැම එකාම ඒකට කැමැති වෙයිනේ. ඔය මාස 6 බොරු අසනීපයක් තියෙනවා කියලා රෝහල් ගතවෙලා සනීපයට ඉඳලා ආපහු එයි..

:       0       0

Nishan Tuesday, 08 October 2024 03:10 AM

හිඟ බදු බිලියන ගාණක් අය කරගන්න බැරි වෙලා තියෙන්නේ ඔවුන් මේ වගේ උසාවි ගොස් තිබෙන නිසයි...

:       0       0

Ven.D.Revatha Thero Tuesday, 08 October 2024 07:59 AM

එනමුත් කුඩු කාරයන්ට එහෙම කරන්න එපා අනේ...!

:       0       0

Thushari Tuesday, 08 October 2024 12:28 PM

කුඩා හා මධ්‍යම දේශීය කර්මාන්ත වැසී යාවි . රැකියා අහිමි වේවි . කොරෝනා හා ආර්ථික අර්බුද පැවති කාලය සඳහා දේශීය කර්මාන්ත වලට බදු සහන ලැබිය යුතුයි . බැංකු ණය පොළි ගෙවූ පසු , වැටුප් වර්ධක හා අතිකාල හා නොයෙක් දීමනා ගෙවූ පසු වැඩි උ විදුලි හා ජල බිල් ගෙවූ පසු දේශීය කර්මාන්ත වල ශුද්ද ලාබ ඉතා අවම විය හැකියි .

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site