IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කෝටි 2,000ක මැණිකක් රත්නපුරෙන්

(ඩයනා උදයංගනී සහ අජිත්ලාල් ශාන්තඋදය)

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආරනූල් මැණික් සමුහය (‍star sapphire cluster)‍ ලෙස සැලකිය හැකි කිලෝ ග්රූම් 510ක් (කැරට් 25,50,000ක්) පමණ බරැති මැණික් පාෂාණයක් රත්නපුරය, කහවත්ත, පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ලංකාදීපයට පැවසීය.

වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් මෙම මැණික් පාෂාණයේ වටිනාකම රුපියල් කෝටි 2,000ක් වැඩි විය හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය පැල්මඩුල්ල ප්‍රදේශයේ බලපත්‍ර සහිත පුද්ගලික පතලකින් මීට මාස අටකට පමණ පෙර හමුවී ඇතැයි කී සභාපතිවරයා එහි හිමිකම පතල් හිමිකරු සතු බව ද ප්‍රකාශ කළේය.

ආරනූල් යනු ලොව වටිනාකමින් වැඩි මැණික් වර්ගයක් බව කී සභාපතිවරයා මෙම මැණික් සමූහයේ සියයට 99.9ක්ම ආරනූල් වර්ගයේ මැණික්ගල් බව ද කීවේය.

ප්‍රංශය, ඉතාලිය වැනි රටවලින් මේ වන විටත් මෙම ආර්නූල් මැණික් සමුහය සම්බන්ධයෙන් විමසමින් සිටින බව කී සභාපතිවරයා එහි මිල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 100කින් (රුපියල් කෝටි 2,000ක්) ලෙස ගණන් බලා ඇති බව ද කීවේය.

තරඟකාරී ඉල්ලුමක් ඇතිවුවහොත් ඊට වඩා වැඩි මිල ගණනකට මෙය අලෙවි කිරීමට හැකිවනු ඇතැයි ද තිලක් වීරසිංහ මහතා පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික්වල වටිනාකම් තීරණය කිරීමේ කමිටුවේ නිලධාරී දෙපලක් විසින් මෙයට කෝටි 2,000ක සිට මිල නියම කළ හැකි බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. මිදි පොකුරක් මෙන් වූ මැණික් ගල් සමූහයකින් මෙම පාෂාණය සමන්විත බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් මහතා පැවසුවේ කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් ඉඩමක ළිඳක් කපද්දී මෙම මැණික් පාෂාණය හමුවී ඇති බවයි.

මෙම මැණික්ගල මිට දින කිහිපයකට පෙර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඇතුලු එම අධිකාරියේ නිලධාරින් විසින් පරීක්‍ෂා කර ඇති බව ද පුන්සිරි තෙන්නකොන් මහතා පැවසීය.

මෙහි පිටත දියමන්ති (ක්‍රිස්ටල්) හැඩැති කැටයම් විශාල ප්‍රමාණයක් ඇති බවත්, බැලූබැල්මට එය සුදු පැහයට හුරු වුවත් කොරන්ඩම් විශේෂයට අයත් මැණකක් බවත් ලෙවුඩ මැණික් පිළිස්සීමේ සහ අපනයනය කිරීමේ විශේෂඥයෙක් ද වන පුන්සිරි තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ආරක්‍ෂක හේතූන් නිසා මැණික් ගලේ අයිතිකරුගේ අනන්‍යතාව හෙලිනොකරන බව ද ඔහු කීවේය. පුන්සිරි තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම මැණික් ගල දහදෙනෙකුටවත් එසවිය නොහැකි තරම් විශාලත්වයෙන් යුත් බවයි.



අදහස් (9)

කෝටි 2,000ක මැණිකක් රත්නපුරෙන්

Sri Lanka Tuesday, 27 July 2021 06:36 PM

අනේ වාසනාවන්, ඕක අරගොල්ලන්ට දෙන්න එපා. දියවන්නාවේ ගිල්ලවයි. ජයවේවා..!!! 

:       273       289

chandima Tuesday, 27 July 2021 06:48 PM

ඔය කිව්වට තව ටික කාලෙකින් මැදින් පාලමක් තියෙනවා කියලා තුට්ටු දෙකට විකුණයි. ඉතිරි ගාන කාගේ හරි පිටරට ගිණුමකට යයි. ඕවා ඉතින් අද ඊයේ වෙන දේවල් නෙමෙයිනේ...!!! 

:       103       112

SUNIL MILANO Tuesday, 27 July 2021 07:27 PM

මේ ශ්‍රී ලංකා කියලා ප්‍රතිචාර දාන කෙනා කිසිම හොඳක් දකින්නේ නැති ජාතියේ කෙනෙක්... ඒ අපත ජෙප්පන්ගේ හැටි...

:       109       278

NaradaTuesday, 27 July 2021 08:38 PM

ගොඩාක් ඒවා එක වගේ...

:       14       7

බමුණු.Wednesday, 28 July 2021 07:33 AM

කියන කෙනා ඊට එහා කෙනෙක්..

:       0       0

Raheem Tuesday, 27 July 2021 07:54 PM

මගෙ අම්මෝ, මුලු රටේම ණය ටික ගෙවලා දාන්න පුළුවන්..

:       11       1

chandimaWednesday, 28 July 2021 04:02 AM

ණය ගෙවලා බදු රහිත වාහන ගෙන්නන්නත් සල්ලි ඉතුරු වෙනවා

:       0       0

sampath Tuesday, 27 July 2021 09:33 PM

මේ තරම් නිධානයක් උඩ ඉන්න අවාසනාවන්තම ජාතියක් අපි... මේ රටේ මිනිස්සු මේ තරම් හිඟන්නෝ වෙලා ඉන්නේ මහපොළවේ ළිඳක් කැපුවත් කෝටි ගණන් වටින දේ හම්බ වෙද්දිත් නේ...

:       0       47

chandima Wednesday, 28 July 2021 04:04 AM

ඩොලර් මිලියන සීයක් මොනවා කරන්නද .මහා මුහුදේ හාල් මැස්සෙක් ගියා වගේ .ලංකාව ඩොලර් බිලියන ගණනක් ණයයි .අඩුම තරමේ එක ණය වාරිකයකටවත් මදි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site