
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා පක්ෂයේ ප්‍රධානියකු කෝටි පනහක මුදලක් ලබාගෙන මන්ත්‍රී ධූරය නොදුන් බවට චෝදනා කරමින් එම සල්ලි වහා දෙන්නැයි ඉල්ලා කෑකෝ ගසමින් එහි කලබල කර ඇතැයි වාර්තාවේ.
මේ සිද්ධියෙන් එම කාර්යාලයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිණැයි කියති. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන බව පවසා කෝටි පනහක මුදල මෙලෙස ලබාගෙන ඇතැයි පැවසෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙනි.
ඔහු එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හෝ ආසන සංවිධායකවරයෙකු හෝ නොවන නමුත් එම පක්ෂ ජාතික ලැයිස්තුවේ සිටියේය.
ව්‍යාපාරිකයා පක්ෂ කාර්යාලයට පැමිණ මේ සම්බන්ධයෙන් දැඩිව චෝදනා කළ අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් " ඔය ගැන අපි මොකුත් දන්නෙ නෑ. ඕක ඔබතුමා ඒ සල්ලි ගත්තු අයගෙන්ම බේර ගත්තොත් තමයි හොඳ " යනුවෙන් පවසා ඇතැයි දැනගන්නට
ඇත.
අනතුරුව ව්‍යාපාරිකයා " මම ඕක බේරගන්නම්කෝ" යනුවෙන් පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. ව්‍යාපාරිකයා මෙම චෝදනාව එල්ල කරන්නේ එම පක්ෂයට බොහොම ළඟින් ක්‍රියාකාරීව සම්බන්ධව සිටින තවත් ධනපති ව්‍යාපාරිකයකුට බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය. ව්‍යාපාරිකයාගේ මෙම කරුණු අනාවරණයත් සමඟ එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
COMMENTS
විපක්ෂයේ වුණත් පළපුරුදු කට්ටියනෙ, රටට-ජනතාවට සේවයට තියෙන කැපවීම, උවමනාව කෝටි 50ක් දීපු එකෙනුයි, ගත්ත එකෙනුයි, හොඳටම පැහැදිලි වෙනව... තක්කඩි, කාලකන්ණි....
ඔය අහුවෙන්නෙ හොරු
පුද්ගල නාමයක්, ස්ථාන නාමයක්, දිනයක් වගේ පුවත්පත් කලාවේ මූලික කරුණු සඳහන් නොවන නිව්ස් අයිටම් කියවද්දි නීලයි, කමලයි, චම්පයි, රේඛයි, භානුමතියි, නයනයි, සඳරේකයි එක්ක ලිඳ ලඟ ඉන්නව වගේ දැනෙනවා.
නමත් එක්ක දාන්නකෝ.ආපු කෙනා රත්න හාල්.මුදලාලී.ගත්ත කෙනා සජී බබා ?
අන්ටිජන් විකුනලා හොයා ගත්ත සල්ලි මදි වෙලාද තවත් සල්ලි ගත්තෙ මලක නමක් ඇති හාල් හදන මෝලගෙන් ?
බාබර් මහත්තයා කොණ්ඩය කපන ගමන් හක්කේ දතකුත් ගලවලා තියෙන්නේ නිපූණ මුදලාලිගේ !
ඕකුන්ට පුලුවන් ඕවා තමයි කරන්න... උන්ට රට හදන්න උවමනාවක් තිබ්බෙම නැහැ.. ඒකයි රට මාස 02 තුනකින් ගොඩගන්න අමාරු.."
නමත් එක්කම දාන්නකෝ.. ඉවරයි නේ
අනුර ජනාධිපති හැප්පෙන්නේ මෙවැනි අය එක්ක නේද? මුන් එක්ක කොහොමද රටක් හදන්නේ
නමක්, ගමක්, ස්ථානයක් වගේ හරි විස්තරයක් නැති ප්‍රවෘත්ති නිකන්ම නිකන් ගොසිප් විතරයි.
පොහොට්ටුව වැඩේ ඇනගන්න වගේ යන්නේ, මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන බොරු කරලා....
මේ කියන ධනපතියා වැරැදිලාවත් මන්ත්‍රී ධුරයට ආවොත් ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද? දීපු කෝටි 50 හොරකම් කරලා කොහොම හරි පාඩුව පියවාගන්න බලන එක. පහුගිය කාලේ වුණේම මේවගේ දේවල්...
සහල් ව්‍යාපාරිකයෙක්ද?
කවුද කළුකඩ හාල් මෝලාට පොල්ල තිබ්බේ...? පුතාණෝද, මැද බණ්ඩාද? මොනවා වුණත් පුතාණෝගේ රෙදි ඉල්ලේ, මෝලාට හොඳම වැඩේ...
හ්ම්, සල්ලි ගත් කෝටිපති ව්‍යාපාරිකයා.. අද දෙරණ මේ ගැන හොඳට දන්නවා ඇති නේද?
හාල් මුදලාලි, සමගි ජන බලවේගය...
ඔය මිනිසුන් දේශපාලනයට එන්ට පොර කන එකම හේතුව තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම. මේ දේශපාලන සංස්කෘතිය රටින් අතුගා දැමීම ගැන සතුටුයි.
මෛත්‍රීපාල නේද මේ .මහමෝලෙක්නේ
දේශපාලනේට එන්න ඔය තරම් කෑදර ඇයි? තමුන්ගේ බිස්නස් කරදරයක් නැතුව කරගෙන යන්න තියෙන වුවමනාවට වෙන්ඩැති.
පුද්ගලික ගුවන් යානයක් හිමි ප්‍රසිද්ධ හාල් කෑල්ලක්… නාඩු ඩඩ්ලියා නෙවෙයි… මෙයා ඊට වඩා පෝසත්….
සජිත් ප්‍රේමදාස ගොඩක් දේවල් වලට රැවටිලා තියෙනවා.
අතන සහල් සහ ෆොන්සේකා ගැටුම....
මෙයා තමයි මහා පරිමාණයෙන් සහල් හංගගෙන හිටියේ.. මේ වගේ අයට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා.
කෝටි 50 සමඟ හාල් මිටි කීයක් දුන්නාද පුතානෝට