(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානය හිමිකරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ එම සාර්ථකත්වය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ප්‍රසාදය පළ කළේය.
මේ අතර උපාධි අධ්‍යයන පීඨයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී උපදේශන කටයුතු සඳහා එහි නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයකු පත්කිරීම පිළිබඳව කමිටුවේ අවධානය යොමුවිය. එම නිලධාරියා පත් කර ඔහුට දීමනාවක් ලබා දුන්නේ ඇයි දැයි කෝප් කමිටුව විමසා සිටියේය. විශ්වවිද්‍යාල ප්‍රධානීන් මෙහිදී පැවසුවේ කවුන්සිලය රැස්වී එම ගෙවීම නතර කළ බවයි.
එසේම ඔහුට ස්ථාන මාරුවක් දුන් බවද නිලධාරීහු පැවසුහ.
කෙසේ වෙතත් එතෙක් ගෙවූ දීමනා මුදල අය කර නොගැනීමට කවුන්සිලය තීරණය කළ බවද ඔවුහු සඳහන් කළහ. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කවුන්සිලය නැවත රැස්වී සාකච්ඡා කර කමිටුව දැනුවත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
මේ අතර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇති බාහිර ආයතන තුනකින් අය කළ යුතු කුලිය අය කර නොගැනීම සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමුවිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල නිලධාරීන් පැවසුවේ විශ්වවිද්‍යාලය පවතින්නේ ඉතාම වටිනා ඉඩම් සහිත ප්‍රදේශයක බැවින් විශ්වවිද්‍යාලය ඉල්ලා සිටින මුදලට සේවයක් ලබාදීමට එම ආයතන අකමැති බවයි.
පද්ධති සංවර්ධන තනතුරු සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොගැනීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.
මේ සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ආචාර්යවරු සහ තවත් නිලධාරීහු පිරිසක් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
2025 නොවැම්බර් මස 21
177
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
243
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1120
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොළඹ විශ්වවිද්‍යාලයට කෝප් කමිටුවෙන් මල් මිටක්