(ඩයනා උදයංගනී)
කොළඹ වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස සමස්ත කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මතින් ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
එහිදී කොළඹ නාගරික කලාපයම ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 4ක් ඉදිවන බවත් ඒවා රත්ක, හරිත, නීල හා දම් යනුවෙන් නම් කර තිබෙන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.
පෞද්ගලික හා රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස මේවා ඉදිකිරීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
රත්ක දුම්රිය මාර්ගය කිලෝමීටර 42 ක දිගින් යුතු වන අතර එය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වාත්, කිලෝටීමර 28 ක් වන හරිත මාර්ගය මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වාත්, කිලෝමීටර 23ක දිගින් යුතු නීල මාර්ගය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා සහ දම් වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරියට ඉදිවන බව ද ඇමතිවරයා කීවේය.
මෙය ඉදිකිරීම් සඳහා පෞද්ගලික අංශයෙන් අරමුදල් යොදවන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය. මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි.
COMMENTS
අවශ්‍ය කොමිස් එක ගාණට සෙට්වෙලා ඇති... නැතිනම් හෝමාගම ඉඳලා කොළඹට එන්න තිබ්ච්ච ජපන් ආධාර ක්‍රමයට තිබිච්ච යෝජනාව අවලංගු කළේ මොකද?
අපි කවුරුත් දැන්වත් පාට භේද, ජාති ආගම් භේද නොසලකා අපේ රට චීනාගෙන් සහ පොහොට්ටුවන්ගෙන් බේරාගන්න ක්‍රියා කරමු. චීනය අපේ රට සම්පූර්ණයෙන්ම ගිලගෙන යන්නේ. මේ ව්‍යාපෘතියටත් චීනා සම්බන්ධ ඇති. මීට කලින් ජපන් ආධාර යටතේ මොනෝ රේල් එක හදන්න යනකොට මේ රජය චීනාගේ ඉල්ලීම පිට එය නවතා දැමුවා. අපිට හිටපු අවංක මිතුරෙක් අපෙන් ටිකක් ඈත්වුණා. කෙසේවෙතත් ජපානයේ තාක්ෂණයට වත්, ජපානයේ භාණ්ඩ වලටවත් තව අවුරුදු 15 කටවත්, චීනාට අසන්න වෙන්න බැහැ. ඒ වගේමයි චිනාගේ එකම කාර්යය "වෙනත් දියුණු රටවල් කොපි කිරීම"පමණයි. දැන්වත් අපි කවුරුත් චීන භාණ්ඩ වර්ජනය කරමු. ඒ වගේමයි.. මේ යන විදිහට ගියොත් මේ රටේ සිටින චීන්නුන්ව රටෙන් පන්නන තත්වයටම මිනිසුන් පෙළඹෙනවා. එතකොට මේ රට චීන්නුන්ට පාවාදෙන පොහොට්ටුවන්ට ඉබේම මුහුදට පනින්න වෙනවා. ඒ වගේම ඉතිරි දේශපාලන පක්ෂත් ප්‍රවේශම් විය යුතුයි. ප්‍රධාන විපක්ෂ මේ ගැන ප්‍රකාශයක් කළ යුතුයි. නමුත් ජවිපේ චීනාට විරුද්ධව යමක් කියයිද..?
මේකට බඩු පටවන්න පුළුවන්ද?
සුවිශේෂී අඩු පොලියකට ලබාදුන් ජපන් ණය හා ඔවුන්ගේ තාක්ෂණය ප්‍රතික්ෂේප කරමින්, වැඩි පොලියට චීනෙන් ලබා ගන්නා වූ ණය මුදලින් මේ ව්‍යාපෘතිය ඇරඹීම ගැන දේශප්‍රේමී කාන්තාවක්... මට නම් මාර සතුටක් දැනෙන්නේ. කවුද කියන්නේ අපේ රටේ පාලකයෝ තක්කඩි, කොමිස් කාක්කෝ, හා කම්බා හොරු කියලා? ඔය ණය මුදලින් තුනෙන් එකකින් ව්‍යාපෘතිය නිමා කොට ඉතිරි මුදල තමන්ගේ පොකට් එක සංවර්ධන ව්‍යාපෘතියට යොදා ගැනීම වරදක්ද? "සෞභාග්‍යයේ දැක්ම" යන්නෙහි අර්ථය එය නොවේද? නුගත් අපිටත් ඉඳ හිට වියත් මගේ උගතුන්ගේ බුද්ධිමත් අදහස් පහල වෙනවා. දැක්කද, වෙනස කාටද ආඩම්බර?
මේකට කන්ටේනර් පටවන්න පුළුවන්ද?
හොඳ වැඩක්. එ්ත් ඕක දුම්රිය දෙපාර්තුමේන්තුවට නම් පාලනය දෙන්න එපා. හත් පොලේ ගා ගනියි. මේ අයට ඕන ඕන විදියට ස්ට්‍රයික් කළොත් රට නෙවෙයි දියුණු කරන්න වෙන්නේ...
ජපන් මාර්ග පද්ධතියේ දිග සහ මිල...? මෙම පද්ධතියේ මුලු දිග සහ මිල කොපමණද?
එක කුහක පවුලක්, රටක් ජාතියක් ගොනාට අන්දන තරම. සාර්ථක අඩු පොලි ජපන් ව්‍යාපෘතිය අවලංගු කලේ කොමිස් නැති නිසයි. පාඨලී චම්පිකගේ නම යන නිසයි..
සියලු පහසුකම් කොළඹ සහ අවට නගරවලට දිය යුතුයි... පිටිසර අයට කිසිම දෙයක් දිය යුතු නැහැ.
අධිවේගී මාර්ග හදලා ගසාකාපු හැටි අපි නොදන්නවා නෙවෙයි නේ. මේකත් හොඳ ඉල්ලමක්?
එක්ස්පෙන්සිව් දේවල්මයි හොයන්නේ... අපිට සුරසැප දෙන්න වෙන්ටෑ.
චම්පික රණවකට පින් සිදුවේවා... සැහැල්ලු දුම්රියේ අදහස පෙන්වා දුන්නට.. එහෙම නොවුණා නම් තවත් ටකරම් බාල්දි ගොඩක් ගේන්න තිබුණා.