
(ගයාන් සූරියආරච්චි)
කොළඹ 02, හුණුපිටිය හරස් පාරේදී අද (13) අලුයම 2.45 ට පමණ සැකකටයුතු ලෙස ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට ගිය කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුට සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
එම පහරදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම කොස්තාපල්වරයා සේවය නිමවා නිවෙස බලා යමින් සිටියදී සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයකු පිළිබදව සැක සිතී ඔහු පසුපස ගමින් කිරීමෙන් අනතුරුව හුණුපිටිය හරස් පාර ප්‍රදේශයේදී සැකකරු අල්ලා තමන් පොලිස් නිලධාරියකු බව පවසා තොරතුරු විමසා පරීක්ෂා කිරීමට යාමේදී තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
එහිදී තුවාල ලැබූ කොස්තාපල්වරයා සැත්කමකට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සහ පොලිස් නිල සුනඛයකු මාර්ගයෙන් විමර්ශන ආරම්භ කර තිබූ අතර සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසි කියයි.
කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනෙරත් මහතාගේ මෙහෙයවීම මත කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 04
331
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
424
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොස්තාපල්වරයකුට තියුණු ආයුධ ප්‍රහාරයක්