(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇත්තේ කඩුවෙල අධිවේගී පිවිසුමට අනුයුක්ත උදාරක විජේදාස නැමැති 50 හැවිරිදි කොස්තාපල්වරයෙකි
පමුණුගම දෑලතුර සිට ජා ඇල දක්වා ගමන් ගන්නා මාර්ගයේ අධිවේගී පිවිසුමට මීටර් 200 ක මම දුරකින් පුද්ගලයෙකුගේ මළසිරුරක් වතුර පිරි කානුවක වැටී තිබෙන බවට පමුණුගම පොලිසියට ලද දුරකථන ඇමතුමක් අනුව මළ සිරුර සොයාගෙන ඇත
ඉකුත් පස්වෙනි දින සිට මියගිය කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කර නොතිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඔහුට හදිසියේ යම් රෝගී තත්ත්වයක් හටගෙන මියැදුනාද ? එසේත් නොමැති නම් වෙනයම් හේතුවක් ද යන්න? මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය කියයි
මළ සිරුර රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෙට (8) දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය
පමුණුගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනූෂ රූපසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ
2025 නොවැම්බර් මස 21
52
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක