කොරෝනා මරණ තවත් 101 ක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළේය.
මෙය ශ්‍රි ලංකාවේ දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව බවද සෞඛ්‍ය අංශ කියයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 2,011 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා මරණ තවත් 101 ක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළේය.
මෙය ශ්‍රි ලංකාවේ දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව බවද සෞඛ්‍ය අංශ කියයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 2,011 දක්වා ඉහළ ගොස් තිබේ.
COMMENTS
මේක තමයි හැමදාම තත්වය.., ගහන්නෙම බොරු..!!!
යුක්රේන් හා ඉන්දීය සංචාරකයින් ගෙන්වලා ක්ෂණික මරණ ඇතිවන වෛරස් ප්‍රභේද නිසා මේ මරණ හා රෝග ඉහළ ගිය බව දැන්වත් තේරෙන්නේ නැද්ද? තව තව සංචාරකයින් ගෙන්නලා ලංකාව මරණ වැඩි දේශයක් කරන්න වගකිවයුත්තන් බලාගෙන ඉන්නවා ඇති. නියමයි. නියමයි...
අප්පට සිරි... දැන් මොකද කරන්නේ?
අපි දැම් ඉන්දියාවටත් පහල තත්වයක ඉන්නේ... අපේ මෝඩ පාලකයින් නිවැරදි තීරණ නිවැරදි වෙලාවේදි නොගැනීමේ විපාක තමයි මේ...!!!
14 සීමා ඉවත්කලොත් තවත් පැතිරිලා මැරෙයි !
එහෙම කියන්න එපා. බැසිල් මහත්තයයි රතු වරෙන්තු අයියයි රටට කීර්තියක් ගෙනදෙන වැඩක් කරන්න ගියෙ. නමුත් ඒකේ සාර්ථකත්වය ලෝකය පිලිගත්තේනැ ඒකයි උනේ. නමුත් අපේ රට ගොඩගියානෙ යූක්‍රේන් ධනව්තුන් නිසා .
සෞඛ්‍ය සේවයේ සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ,රවි කුමුදේශ් විතරයි ඇත්ත කියන්නේ අනික් අය සේරම බොරු
මිනිස්සු වැඩියෙන් මරුනහම රට විකුණන එක ලේසියි, සවු බාගේ දැක්ම, 69 ට ඕක තේරෙනවා අපට නොතේරුනාට
එන්න එන්න වාර්තා වෙන මරණවල ප්‍රමාණය වැඩිවෙනවා.. 101ක් කියන්නේ ලොකු ගාණක්නේ. තවත් දෙයක් සංචරණ සීමා දැම්මා කියලා කොරෝනාවල අඩුවක් වෙලා නෑ. අහිංසක එදා වේල හම්බකරන් කන මනුස්සයා ගෙදර හිරකරල අනිත් ගාමන්ට්වල එහෙම තදින් පැතිරෙන තැන් ඇරලා තමයි මේ ගොල්ලො කෝවිඩ් පාලනය කරන්න හදන්නේ... අනේ මන්දන්නේ නෑ.. මෙහෙම ගිහිල්ලා මොනව වෙයිද කියලා... මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ඉතින් අශ්වයා ගියාට පස්සේ ස්තාලය වහන එකනේ... අර සිංහල අවුරුදු කාලේ හරියට පියවර ගත්තු නැති එකට වන්දි ගෙවන්නේ අහිංසක එදා වේල හම්බකරන් කන මනුස්සයා.. එහෙම මනුස්සයින්ට 5000වත් හරියට දීල නැද්ද කොහෙද? අපේ ගම පැත්තෙ නම් තවම 5000 දීලා නෑ. අනේ මන්දා මේ ගොල්ලන් මොනවා කරනවද කියලා.. තව කොච්චර කාලයක් මේ විදියට ඉන්නද...? තව කීදාහක් මැරෙයිද දන්නේ නෑ...
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ.
තවම සමාජගත වෙලා නෑ.
මේ වසංගතයේදී පළමු රැල්ලේදී ජනතාවත් රජයත් නිසිලෙස ක්‍රියා කළා. හැබැයි ඊට පස්සේ ආණ්ඩුව බ්‍රැන්ඩික්ස්, යුක්‍රේන් සහ ඉන්දිය වයිරස් රටට ගෙනැත් දුන්නා. දැන් නම් රජයත් ජනතාවත් දෙගොල්ලම වැඩකරන්නේ මෝඩ විදියට. දෙගොල්ලන්ම හිතන්නේ මාස්ක් එක විතරක් දැම්මම ඔක්කොම හරියි කියලා. මතක නෑ ස්පර්ශය තමයි වයිරසේ ව්‍යාප්ත වන ප්‍රධාන මාර්ගය කියලා. සංචරණ සීමා දැම්මාට කොපමණ වාහන ගණනක් කොළඹට ආවාද? අනික පොලිසිය ලියවිලි කීයක් අතට අරන් බලනවද? ස්ටිකර් ගහනවා අඩිගානේ ග්ලව්ස් වත් නෑ. අනික මීටරේ දුර... මේවා මොකුත් සලකන්නේ නෑ. මුලු රටම මේ වයිරසය සුලුවට තකලා තියෙන්නේ. ඒකයි මේ විනාශය...
පාලකයෝ කවදාවත්ම පොදු මහජනයාගේ පැත්ත බැලුවේ නැහැ, මොන කෙනා මොන පක්ෂය රටේ පාලනය බාරගත්තත් අන්තිමට අන්ත අසරණ වුනේ අහිංසක මිනිහා විතරයි, දැන්වත් අපි මේ 225 ම එලවලා අලුත්ම පිරිසක් මේ රට වෙනුුවෙන් හදන්න ඕනෑ. අපි අන්ත අසරණ වුණා. අපේ පොඩි එවුන්ගේ අනාගතේ දැන්වත් හිතමු වෙනසක් වෙනුවෙන් රටවැසියන්ට බුද්ධිය පහළ වේවා...!!!
රටට මුදල් ලබෙනවා කියලා සංචාරකයින් ගෙන්වන්නේ නැහැ. මිනිස්සු මැරුණත් කමක් නැහැ මහ එවුන්ට ගසා කන මාර්ග හදා ගන්නවා...
නවසීලන්තයේ අගමැති ජකින්ද ආර්ඩර්න්ට ආරාධනා කරන්න. ඇය මාසයකින් රට යථා තත්ත්වයට පත් කරනු ඇත. අවම වශයෙන් ඇයගෙන් උපදෙස් ලබා ගන්න. ඇය කෝවිඩ් වලින් පිටත තම රට කළමනාකරණය කරන ආකාරය. ඇය දීප්තිමත්ය...