IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කොරෝනා සෑදී සුව වූ හිමියෝ තම දායකයන් නිදහස් කරන්නයි කියති

(අජිත්ලාල් ශාන්තඋදය)

කෝවිඩ් 19 ආසාදනය වී අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබා සුව වී ගමට පැමිණ, තමාගේ පළමුපෙළ ආශ‍්‍රිතයන් වු  දැනට නිරෝධායනයට ලක්  කර සිටින  දායක නිවාස තුනකට මහ රෑ  කඩාවැදුණු හිමිනමක් එම නිවෙස්වල නිරෝධයන දැන්වීම් කඩදාසි ඉරාදමා යකානටා ඇතැයි කුරුවිට පොලීසිය කියයි.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට ද රාත‍්‍රියේ දුරකතනයෙන් කතා කර ඔහුට ද දොස් පවරා තමාට කොවිඞ් සුව වී ඇති නිසා නිරෝධායනයට ලක්කර ඇති තමාගේ පළමුපෙළ ආශ‍්‍රිතයන් ද මුදාරින ලෙස  බලකර ඇති බව ද පොලීසිය පැවසුවේය.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩද එවා ඇති බව පොලිසිය පැවසුවේය. කෝවිඞ් ආසාදිත වූ මෙම හිමිනමගේ පළමුපෙළ ආශ‍්‍රිතයින් 35ක් මේ වනවිට නිරෝධයනයට ලක්කර ඇත. ඔවුන් අතර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ද සිටිති.

පොලිසිය විසින් මෙම හිමි නමට අවවාද කර ඇති අතර නැවත අනිසි හැසිරිම් සම්බන්‍ධයෙන් පැමිණිල්ලක් ලදහොත් නඩු පවරන  බවට අවවාද කළ බවද කුරුවිට පොලීසිය පැවසුවේය.

කුරුවිට පරගල ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට පපුවේ අමාරුවක් සෑදී ඇති නිසා  1990 හදිසි සේවා ගිලන් රථයක් එවන ලෙස පසුගිය දෙසැම්බර් 27දා දැනුම් දී තිබුණි

ආසන්නම ගිලන් රථය කුරුවිට පොලිස්ථානය වූ අතර ඒ වනවිටත් එම ගිලන් රථය වෙනත් රෝගියෙකු රැගෙන යමින් තිබුණි. ආසන්නම  වෙනත් පොලිස්ථානයක නවතා ඇති 1990 ගිලන් රථයක් එකී පන්සල වෙත යැවිමට අඩුම තරමින් පැයකට ආසන්න කාලයක් ගතවන් බව තහවුරු වී තිබුණි.

එතෙක් සිටින්නට බැරිනිසා තමා පොලිස් ජීප් රථයෙන් හෝ යවන්නැයි කුරුවිට පොලිස්ථානයට කතාකර හිමිනම ඉල්ලා ඇත. ඒ අනුව නිලධාරින් හතරදෙනෙක් ජීප් රථයෙන් විහාරස්ථානයට ගොස් දායක මහත්මයෙක්ද සමග හිමිනම රත්නපුර මහ රෝහලට ඇතුළුකර තිබුණි. 

ඒ අවස්ථාවේ හිමිනමගෙන් පීසීආර් සාම්පල් ලබාගෙන තිබුණි. ඒවායේ ප‍්‍රතිඵල 29දා රාත‍්‍රී ලැබි තිබුණි. හිමිනමට කෝවිඞ් ආසාදිත බව තහවුරුවී තිබුණි.උන්වහන්සේ කොළඹ අයිඞීඑච් රෝහල වෙත යැවිනි. 31දා සිට උන්වහන්සේගේ පළමු පෙළ ආශ‍්‍රීතයන් 35 දෙනෙක් නිරෝධායනයට ලක්කරනු ලැබීය. විහාරස්ථානය ආසන්නයේ නිවාස තුනකුත් යාබද, කනේගල්ල, අඩවිකන්ද, තෙප්පනාව, ආදී ප‍්‍රදේශවල අය එසේ නිරෝධායනට ලක්කර තිබිනි. එ අතර හිමිනම් රෝහල්ගත කිරීමට ගිය පොලිස් නිලධාරින් හතර දෙනාද විය.



අදහස් (6)

කොරෝනා සෑදී සුව වූ හිමියෝ තම දායකයන් නිදහස් කරන්නයි කියති

Prabha Thursday, 14 January 2021 11:09 AM

දායකයෝ නිරෝධායනයේ හින්දා දානේ වේල වරදින්න ඇති.

:       2       18

fairoos Thursday, 14 January 2021 12:25 PM

හැම ජාතියෙන්ම මේ වගේ මිනිස්සු ඉන්නවා. මේක එක ආගමකට බැනලා විසඳන්න බැහැ.

:       5       16

සමන්Thursday, 14 January 2021 02:54 PM

හැම දේකටම ආගම පලි නෑ තමයි. ඒත් සමහර දේවල් වලට ආගමත් වගකිව යුතුයි. සමහර ආගම් ඇත්තටම දේශපාලන පක්ෂ වගේ දිව්‍ය ලෝක පිළිබඳ බොරු පොරොන්දු තමයි දෙන්නේ... ඒවාට අහුවෙලා සමහරු ලොකු විනාශයක් කරනවා මනුෂ්‍ය වර්ගයාට...

:       4       6

SamanThursday, 14 January 2021 06:23 PM

ජාතිවාදය පතුරුවන්න එපා..

:       1       0

BamunuarachchiFriday, 15 January 2021 03:28 AM

මෙතන ආගමකට බැන්නේ නැහැ... ඔහේලා ෂේප් වෙන්නයි මේ හදන්නේ... ඔබලත් එක්ක තිබෙන කතාව වෙනම එකක්...

:       1       2

Bamunuarachchi Friday, 15 January 2021 03:17 AM

මේත් මේ ආණ්ඩුව පත්කළ අපේ බලාපොරොත්තු සුන්කළ බව කියන කෙනෙක්... මොවුන් පසුපස යන්නෝ අනුවණයෝමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1004 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site