(සුජිත් හේවාජුලිගේ)
විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දෙයි.
කොරෝනා මර්දන එන්නතක් ලැබෙනවානම් එය ලැබෙන මුල් අවස්ථාවේදීම ලබා ගැනීම,මුව ආවරණ නිවැරදිව පැළඳීම ,පුද්ගලයන් අතර අඩි හයක පරතරයක් තබා ගැනීම, අත් නිවැරදිව සබන් යොදා සේදීම සහ දැන් විසබීජ නාශක දියර වලින් සේදීම,සෙනග විශාල වශයෙන් රැස්වන ස්ථානවලට නොයෑම සහ අත්‍යාවශ්‍යම කාරණයකට එසේ යෑමට සිදු වුවහොත් මිනිත්තු 15 කට පෙර එම ස්ථානවලින් පිටවීමට වග බලා ගැනීම ,තමන්ට යම් කිසි සැක සහිත රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් ම පී .සී.ආර් පරීක්ෂණයකට යොමුවීම හා පවුලේ සාමාජිකයන් ගෙන් සාමාජිකයන් ගෙන් ඈත්ව කටයුතු කිරීම එම ක්‍රම හය බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .
දැනට මෙරට තිබෙන සියලුම එන්නත් ඉතාම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත බවත් ඔහු ප්‍රකාශ කළේය.
එන්නත් සම්බන්ධයෙන් විවිධ කරුණු විමසා ජනතාවගෙන් තම අධ්‍යයන අංශයට දුරකථන ඇමතුම් හාරසියයක් පමණ දිනකට ලැබෙන බව කී ජීවන්දර මහතා ලැබෙන කුමන හෝ එන්නතක් වුව හැකි ඉක්මනින්ම ලබා ගැනීම ඉතා සුදුසුම ක්‍රියාමාර්ගය බව ඒ හැම කෙනෙකුටම ලබාදෙන උපදෙස යයි පැවසුවේය.
ඉදිරි මාසය ඉතාම තීරණාත්මක බවටත් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතු බවටත් ඔහු ජනතාව දැනුම් දෙයි.
"එක එක එන්නත් ගැන විමසමින් ඒවා එනකම් ඉන්න එපා.ලැබිලා තියෙන එන්නත ඉක්මනට ගහගන්න.එහෙම නොකළ හොත් ඔබගේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන්" ජීවන්දර මහතා අවධාරණය කළේය.
උණ,කැස්ස ,උගුරේ වේදනාව ,ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් මෙවැනි සැකසහිත ලක්ෂණ තිබේ නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවත් ආචාර්යවරයා ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
2025 නොවැම්බර් මස 21
183
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1132
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොරෝනා වෙන් වැළකෙන හැටි ආචාර්ය ජීවන්දර කියයි
sharm warn Wednesday, 12 May 2021 03:56 AM
දුරස්ථභාවය රකින්නයි මුව ආවරණ පාවිච්චි කරන්නයි කියනවාට වඩා හොද නැද්ද ? පානය කළ යුතු දේවල් හුමාලය ඇල්ලීම වගේ ප්‍රතිකර්ම ගැන නේද මේ ගොල්ලෝ මිනිස්සුන්ට කියන්න ඕන?
jayath Wednesday, 12 May 2021 05:05 AM
මේවා විද්‍යාත්මක සත්‍යයන් නමුත් සමාජගත වෙන්නේ , සමාජගත කරන්නේ බොරුවත් මිත්‍යාවත් නෙව ඉතින් එහෙම එකේ මේ වගේ දේවල් ගගට කපපු ඉනි වෙනවා . දැන් අලුතින් අර තෙලක් ද පැනි යක් ද විකුනන්න හදන්නේ මිනිස්සු අවිද්‍යාව පස්සේ යනවා එක නවත්වන්න අමාරුයි ඒ වගේම මිත්‍යාවට රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙනවා නමුත් ඒවා පස්සේ ගිහින් අමාරුවේ වැටෙනවා ප්‍රශ්නේ එකයි
විපරමා Wednesday, 12 May 2021 09:05 AM
තම තමුන්ගේ ආරක්ෂාව ගැන හිතලා , අවදානයෙන් කටයුතු නොකරන කමින් විපාක විදින්ට වෙන්නේ අපිටමයි..මිත්‍යා විශ්වාස පස්සේ යන මෝඩ මිනිස්සු ඉන්නවා ,ඒ අතර කොරෝනාව ගරානාවක් කරගෙන.
thilak Wednesday, 12 May 2021 10:45 AM
අනේ මන්ද. මේ කියල තියෙන දේවල් අපි නම් දැනගෙන ගොඩක් කල්.
Lalith m Wednesday, 12 May 2021 11:54 AM
අවුරුදු 30 අඩු සහ 60 වැඩි අයට ජීවත් වන අයිතිය අහෝසි කර දැමිය නොහැක. ඔවුන් හට එන්නත නොදෙන්නේ ඇයි.
ranjan Wednesday, 16 June 2021 03:35 PM
ඇත්තටම පිටින් එන්නත් හැදුවේ නැත්නම් අපේ දොස්තර ගොල්ලෝ අනාතයි ෙ
ranjan Wednesday, 16 June 2021 03:47 PM
ඇත්තටම කොරෝනාවට එන්නත් පිටින් ආවේ නැත්නම් අපේ දොස්තරලා අනාතයි. මොකද අපේ අය මොනවාද? හොයාගෙන තියෙන්නේ. ඉගෙනගෙන තියෙනවා ලෙඩ ටිකක් සහ එයට සරිලන බෙහෙත් ටිකක් ඒකේන් රෝලයනවා. නොදන්නා ලෙඩක් ආවොත් අනාථයි...