(පුෂ්පකුමාර ජයරත්න)
කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
කොබෙයිගනේ බොරළුගොඩ ප්‍රදේශයේ පදිංචි ඇයට කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසේරියන් සැත්කමකට යොමු කර තිබේ.
එම සැත්කමෙන් ප්‍රසූත කරන ලද දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමත්ව ඇතත් වයිරසය ආසාදනය වීම හේතුවෙන් සැත්කමෙන් අනතුරුව මව මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙය කොරෝනා වයිරසය ආසාදනය මෙරට සිදුවූ තෙවන ගැබිණි මරණය බව සෞඛ්‍ය අංශ කියයි.
COMMENTS
ඔබතුමියට අජරාමර නිවන් සුවය ලැබේවා...මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා...
ඉතාම කනගාටුදායක සිදුවීමක්.එතුමියට නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමු.....
පුතුගේ උපත මවගේ විපත එකදිනයක සිදුවුනේ කෙලෙසද? ඔහු සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ... කොරෝනා නිසා මෙවැනි සිදුවීම් ලෝකයේ කොපමණ සිදුවන්නට ඇතිද?
"පුතුගේ උපත මවගේ විපත එකදා සිදුවුනේ කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන්දිනේ" "මා හට දී ඔයා.... ඈ සුරලොව ගියා....." ඔබතුමියට සසර වසන තුරු මෙවන් අකල් මරණයක් සිදු නොවේවා නිවන් සුව ලැබේවා!
මව නොමැතිව දරුවාට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ.
පොලොන්නරුව රෝහලේ සේවය කරන ගර්භනි අම්මලාට නිවාඩු නෑ . පුලුවන්නම් ඔබ මාධ්‍ය ආයතනයේ අවදානය මේ ගැන යොමු කරන්න...