
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආදාහනාගාර තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත මළසිරුර ඉහළ ආ නියෝගයකින් පිටතටගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළ සිරුරක් ආදාහනය කිරීමේ පුවතක් මතුගම පාන්තිය ආදාහනාගාරයෙන් වාර්තා වේ
( සිද්ධිය මෙසේය )
කොරෝනා වෛරසය ආසාධිතව මතුගම ගල්මත්ත නිවසක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 93 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ සිරුර ආදාහනය සඳහා මතුගම රෝහලට අයත් ගිලන් රථයකින් පාන්තිය ආදාහනාගාරය වෙත සෞඛ්‍ය අංශ විසින් රැගෙන එන ලදි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවකයන් විසින් රැගෙන ආ එම මළසිරුර ආදාහන කටයුතු සඳහා ආදාහන කුටියේ තැන්පත් කර මද වේලාවක දී මතුගම ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල්‍ය රථයකින් තවත් මළ සිරුරක් රැගෙන ආදාහනාගාර ඉදිරිපිටට පැමිණ තිබේ.
ආදාහනාගාරයෙන් තැන්පත් කර තිබූ 93 හැවිරිදි මවගේ කොරෝනා ආසාදිත මළ සිරුර ඉහළ නිලධාරියකුගේ නියෝගයකින් නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැන්පත් කිරීමට සෞඛ්‍ය සේවකයන්ට සිදුවිය.
ඉහළින් ආ නියෝගය නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසරණ වී තිබූ බව සෞඛ්‍ය සේවකයෝ පවසති
මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් කොරෝනා ආසාදිත මළසිරුර ගිලන් රථයේ තැන්පත් කර තිබීමෙන් දැඩි සෞඛ්‍ය තර්ජනයක් පවතින බැවින් විසබීජ නාශක දියර ඉසීමෙන් අනතුරුව එම තත්වය මග හැරීමට අවම වශයෙන් තවත් පැයක් හමාරක් තිබිය යුතු යැයි සෞඛ්‍ය සේවකයෝ පවසති.
පැය දෙකකට අධික කාලයක් ගිලන් රථයේ මෘතදේහයක් තබා තිබීමෙන් තවත් රෝගීයකුගේ ජීවිතයක් බේරා ගැනීමට ගිලන් රථය යොදා ගැනීමට තිබූ අවස්ථාවක් හේතුව ක් වන්නට තිබූ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ සෞඛ්‍ය සේවකයෝ පවසති


COMMENTS
නියෝගය දුන් ප්‍රභූවරයාවත් ඒ එක්කම ආදාහන කුටියට දැම්මා නම් හරි.
දැන් එක රට එක නීතිය නොවේ ක්‍රයාත්මක වෙන්නේ. එක රට ප්‍රභූ නීතිය. (වරප්‍රසාද). කුරුනෑගල නගරාධිපතිටත් දෙවතාවක් ප්‍රභූ නීතිය නේ ක්‍රයාත්මක වුනෙත්.
ඇයි මිනිසු මේ වගේ වැඩ කැත වැඩ කරන්නේ
එහෙම කරපු එක හොදයි. මොකද ප්‍රභූ මරණවල විසබීජ වැඩියි.
මේ වෙලාවට විරුද්ධ වෙන්න කොන්ද පණඇති කරගමු..
මේ අපේ ලස්සන රට හුරා කෑ දේශපාලුවන් අපට ලබා දුන් දායාදයයි.
ජනපතිතුමනි, අගමැතිතුමනි, පොලිසිපතිතුමනි, මේ ගැන සොයා බලන්න.
මෙහෙමත් අමන මිනිසුන් සිටිනා රටක්. අනිවාර්යයෙන්ම මේ ප්‍රභූ කිව්වේ දේශපාලකයෙකු හා සම්බන්ධ මරණයක් විය යුතුයි. කෙහෙල්මල් ප්‍රභූ පැලැන්තිය. හිතාගෙන ඉන්නේ එහෙමයි. මරණයක් අවසන් කටයුතු කිරීමේදීවත්, කිසිම සංවරයක් හෝ හැදිච්චකමක් ගෑවිලාවත් නැහැ. දැන් ප්‍රභූ කියලා දිව්‍ය ලෝකයේ ද්වාරය හැරේවි කියලා හිතන් ඉන්න ඇති. ඔක්කොම දේවල් මෙතනින් ඉවරයි කියා තේරුම් ගන්නට බැරි ප්‍රභූ නම්, සැබෑ ප්‍රභූ පැලැන්තිය වෙන්නට බැහැ. මේ ලෝකල් ප්‍රභූ පැලැන්තියේ අය වෙන්නම ඕනෑ. හොඳ ඒ වගේම වැදගත් ප්‍රභූ පැලැන්තියේ අය මෙසේ හැසිරෙන්නේ නැහැ. මේ නම්, ලෝකල් ප්‍රභූම තමයි. අර කොරෝනා වලින් මියගොස් සිටි මාතාව තමයි සැබෑ ප්‍රභූ.
මේ සිද්ධිය, අද මේ රටේ තත්වය සහ මේ රට යමින් තිබෙන විනාශය පිළිබිඹු කරන හරස්කඩක්...! ජයවේවා කියල පතනවා කාටකාටත්...!!
මරණයකට අවසාන ගෞරවයවත් දක්වන්න දෙන්නේ නැහැ. මැරුණාට පස්සේ කොහෙද දුප්පත් පොහොසත්, කුල මල බේද, ජීවත්ව ඉන්නා එවුන්ගේ පුහුමාන්නය නිසා මියගිය අයටත් නිවනක් නැත. එසේනම් ප්‍රභූවරුන්ටයි කියා වෙනම අාදාහනාගාරයක් හදලා වෙන් කරගෙන තියාගන්න එකනේ තියෙන්නේ. ඕනෑනම් කම්බි වැටකුත් ගහාගන්න තියෙන්නේ...
මේක ප්‍රභූවරුන්ගේ රට... වහල් ජනතාව ප්‍රභූවරුන්ට මුල් තැන දිය යුතුය.
කවුද ඔය?
,,මේ රටේ මිනිසුන්ට නිදහසේ වැලලෙන්නත් නිදහසක් නැහැ වගෙයි. මේක තමයි සෞභාග්‍යයේ දැක්ම කියන්නේ. සල්ලිවලට සහ බලයට ගිය රට...
නියෝගය දුන්නු ප්‍රභූන්ව ඕකෙම දාලා ආදාහනය කරන්නයි තියෙන්නේ. බල්ලට ගිය රට. මේ හැතිකරය එලවන්න පාරට බහින්න කාලේ හරි වගේ....
මේ වචනය දැන් ජනතාවගේ ශබ්දකෝෂයෙන් ඉවත්කරන්න කාලය ඇවිත් තියෙන්නේ.
දැන් දේශපාලනය ආදාහනාගාරත් ආක්‍රමණය කරන්න පටන් අරන්...
සමිතගේ කතාව හරියටම හරි. මේ පාරම්පරික ප්‍රභූ අය නොවෙයි. ඒ පැත්තේ රට විනාශ කළ දේශපාලකයින්ට හේත්තු වෙලා හොර කාලා ළඟදී පොහොසත් වෙලා ප්‍රභූ වූ පවුලක්... ඔවුන්ට හොඳ නරක, ගුණධර්ම තේරෙන්නේ නැහැ. මැරිලාවත් අනිත්‍යය මෙනෙහි කරන්න තරම්වත් දැනුමක් නෑ..
රටේ විනයක් නැති කාලකණ්ණි දේශපාලකයන් පත්කර ගැනීමේ විපාකය ගෙවමින් සිටියි.
ආගම්, ජාති, කුලබේද, දුප්පත්, පොහොසත්කම් තියෙන අපේ රට වගේ ලොකයේ කොහේවත් වෙන රටක් නැති තරම්... මේවා තියෙන තුරු තව අවුරුදු දහස් ගණනකටවත් රට දියුණු වෙන්නේ නැහැ. මේවා අහන්න, දකින්න ලැබීම ගැන හරිම කණගාටුයි.
රාජපක්ෂලා අපේ රටේ තිබුණු අභිමානය, එකිනෙකාට තිබුණු ගෞරවය වැනි දේවල් නැති කරලාම දැම්මා. මේ පවුල අපේ රටට සාපයක්. අවමඟුල් අවස්ථාවක කරන වැඩක්ද මේ කරලා තියෙන්නේ. හරිම කණගාටුයි රට ගැන.
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ. සර්ව පත්කරලා කළ මෝඩකම ..
පාදෙණියගේ කවුරුහරි වෙන්න ඇති...
අනේ දෙවියනේ, මෙහෙමත් කාලකන්නි පාලකයින් ඉන්න රටක අපිටත් ඉපදෙන්න වුණානේ. හේතුව තමයි නූගත් පාලකයින් රට පාලනය කිරීම.
ඔය ප්‍රභූවරයෙක් කියල කියන තැනැත්තාගේ නම දාන්න. මේකට දැන් අහක ඉන්න මිනිස්සු දොස් අහනවා.
දැන් ඉවසුවා ඇති කොරෝනා පැත්තකට දාලා මේ ප්‍රභූ කියාගෙන අපිව යටකරගෙන පාරෙ යන, අපිව පාගාගෙන යන අපේ රීරි මාංශය කන හැත්තට විරුද්ධව පෙළ ගැසෙන්න කාලෙ ඇවිත්...
ඒක නරක් වෙච්ච මරණයක්ලු...
මේ අයට පිස්සු...
ඒ වගේ මරණ ඉක්මනින් පුච්චන එක හොඳයි. ඒවායේ විෂබීජ වැඩියි.
උකුස්සා මතුගමට යන්න පාර දන්නේ නැද්ද?
ඇත්ත මේ නුඹලා ලබා උපන් හැටියි. පෙර භවයේ තමත් ඔවැනිම අකුසල කර්මයක් කර ඇති බැවින් මේ භවයේ තට එය පඩිසන් දී ඇත. එබැවින් කුසලයේම යෙදෙන්න, තමන්ගේ හැම සබ්බ සකලමනාවම පන්සල් වලට දෙන්න, රන් වැටවල් හදන්න. ඝණ්ඨාර කුළුණු, බෝ කොටු, හදන්න, චෛත්‍යය වටා සිවුරු ඔතා කප්රුක් පූජාව කරන්න. පිච්චමල් පූජාව, අබතෙල් පූජාව, පලතුරු පූජාව කරන්න.
අපේ බඩ බුරුල් වුණා මේවා දැකලා...
ජයන්ත සමරවීරගේ නෑදෑකෙනෙක්ගේ මලගෙයක් කියලයි. මට දැනගන්න ලැබුණේ. කලුතර ඉන්න ඇමති කෙනෙක් ගෝඨාභය සර්ගේ ගෝලයෙක්...
කවුද මේ කියන ප්‍රභූවරයා..? තොණ්ඩමන් උත්තමයාගේ කෙනෙක් වෙන්න බැහැ. එහෙම වුණා නම් කොරෝනා තබා ගංවතුර ගැලුවත් රට වටේම උස්සගෙන ගොස් ලොකු උත්සවයක් තබනවා. වැඩ බැරි විරුවාගේ කවුරුහරි කෙනෙක්ද?
එහෙනම් 69 ලක්ෂය පැත්තටම ඇදලා විසිකරන්න ඇති..!!!
මේකත් අපි ලබපු ජයග්‍රහණයක් කියල හිතා ගන්නකො.
මේ හොර තන්කඩියන්ට ප්‍රභූන් කියලා අමතන්නේ මහජනතාව නම් නෙවෙයි...!
කුමන මළ සිරුරක් වුවත් ආදාහනාගාරයට ඇතුළු කළ පසු පිටතට ගැනීම සදාචාරවත් නැත. පසුව ගෙන ආ මළ සිරුර ආදාහනාගාරය කල් ඇතිව වෙන් කරගත් වේලාවට නම් ගෙනත් තියෙන්නේ ඒ අයට මෙය අපහාසයක්.
මේ නියෝගය රාජකාරියට බාධාවක් නෙවෙයිද? රාජකාරිය කරන්න දීලා නැහැ මෙයාලත් රාජකාරිය පැහැර හැරලා හඳට ගල්ගහපු කට්ටියගෙන් පැවතගෙන එන කෙනෙක්ගේ කවුරු හරිවෙන්න ඕනෑ. කරුණාකරලා කවුද කියලා කියන්න. ජනතාව ඊළඟපාර සලකයි.
මේ වගේ අසමජ්ජාති වැඩනම් කරනනපලුවන් වෙන වැඩ බැරි වුනාට කට්ටයට
රටේ විනයක් නැති කාලකණ්ණි දේශපාලකයන් පත්කර ගැනීමේ විපාකය ගෙවමින් සිටියි.