
(මනෝප්‍රිය ගුණසේකර)
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දී ඇති නීතීපතිවරයා සිද්ධියට අදාළව නීතීපති දෙපාර්තමෙන්තුවේ පවත්වාගෙන ගිය ගොනුවද වසා දැමීමට පියවර ගෙන ඇත.
විරෝධතාවයකදී බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදු කිරීමේ සිද්ධිය අපරාධයක් බව වසර 03ක කාලයක් තිස්සේ පැවැත්වු ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය අවසානයේදී තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අපරාධයට සම්බන්ධ සිය`ථම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට වසර 1 1/2කට පෙර නියම කර තිබියදී නීතීපතිවරයා එලෙස පියවර ගෙන ඇත.
වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව නීතීපතිවරයා අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණය කැඳවා තිබු පසුගිය අගොස්තු 30 වැනිදාය.
නීතීපතිවරයා වෙනුවට අතරේක සොලිසිටර් ජනරාල් හරිපියා ජයසුන්දර මහත්මිගේ අත්සනින් යුතු ලිපියක් මඟින් අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට ඒ බව දැනුම් දී ඇති අතර එහි පිටපත් රහස් පොලිසියේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ වැලිසර මහෙස්ත්‍රාත්වරයාටද යොමු කර ඇත.
සිද්ධියට අදාළ විමර්ශන උධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරීන්ගේ සහ රැඳවින්ගේ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්්‍ය බළකා නිලධාරීන් නීත්‍යානූකූලව කටයුතු කර ඇති බවත් නිලධාරීන් පෞද්ගලික ආරක්‍ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නීරීක්‍ෂණය කරන බවත් සඳහන් කරන නීතීපතිවරයා බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වන බවද සඳහන් කර ඇත.
එහෙයින් මෙම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවද දෙපාර්තමෙන්තුවේ පවත්වා ගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දී ඇත. පසුගිය ‘කොවිඩ්’ සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් තමන්ට ‘කොරෝනා’ වයිරසය ආසාධනය වී ඇත්දැයි දැන ගැනීම සඳහා ‘කොවිඩ්’ පරීක්‍ෂණ කරන ලෙසත් ‘කොරෝනා’ වයිරසය ආසාධනය වී බන්ධගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා විරෝධතාවයක් කළ බවත් ඒ අවස්ථාවේදී ඔවුන් කළහාකාරී අන්දමින් හැසිරෙමින් විරෝධතාවයක නියැලී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණී”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ, මේක මාර රටක් නේ. බන්ධනගාරයකුත්, රැඳවුම් නියෝග මත රඳවා තබා ගන්නා රැඳවුම් කඳවුරකුත් කියන්නේ එකක් නෙමේ දෙකක්. අනිත් කුමන අන්දමක වුණත් සමූහ මනුෂ්‍ය ඝාතනයක් සිද්ද වී ඇත්නම් මොන රජා ඒක කළත් උසාවි නියෝගයකුත් ඇත්නම් එහෙම යටගහන්න නීතිපති නෙමේ මොකාටවත් බෑ. මේක බංගලාදේශයක් කරන්න එපා කියලා කියනවා. වහාම ඒ අපරාධ කරුවන්ට ද නිසි දඬුවම් ලබාදිය යුතුයි. නැත්නම් හෙට අනිද්දා වෙද්දී අපිට පාරේ බැහැලා යන්නවත් බැරිවෙයි. කොහොමද කුමාරගේ රඟ... දැන් සනීපද?
නීතිපතිතුමා විසින් උසාවියෙන් තීන්දුව සිය අභිමතයට අනුව උල්ලංඝනය කරලා කියලා නේද බැලු බැල්මටම පේන්නේ? මහේස්ත්‍රාත්තුමන් විසින් දුන් පැහැදිලි තීරණය කඩ කරලනේ තියන්නේ. නීතියට අනුව පනත් ප්‍රකාරව කටයුතු කළාද කියලා නීතිපතිතුමා නෙමේ උසාවියයි තීරණය කළයුත්තේ. මෙතන නීතිපතිතුමා පරික්ෂණ කරලා තීන්දූවත් දීලනේ. අර ආගමන විගමන පාලකවරයා හිරේ ගියේ ඔය වගේ වැඩක් කරලා නේද? එක්කෝ මේක තේරෙන්නේ නැති තරම් මම මෝඩයි. නැත්තන් මේ නිළධාරින් දැඩි පක්ෂාග්‍රාහිව හෝ බලපෑමකට යටත්ව හෝ ඉඳලා තියන්නේ. දැන් ඉතින් ඉහළ උසාවියකට සිවිල් සංවිධාන ගියොත්...?
නීතිපතිවරයාට පුරවැසියන් ඝාතනය කිරීමට අවසර දිය හැකිය. හොඳ රටක්.
බොහොම වැරැදි පූර්වාදර්ශයක්. මින් මතුවට බන්ධනාගාරයක් තුළ ඔවැනි උද්ඝෝෂණයක් සිදුවුවහොත් සිරකරුවන්ට වැඩි තබා මැරීමට නීතිපති තීරණය බලපත්‍රයක් වෙනවා නිසැකවම...
මේ ගැන රජය වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි ! , විශේෂයෙන් වැලිසර මහේස්ත්‍රාත්තුමා වසර තුනක් තිස්සේ කල පරීක්ෂණයකින් පසුව දුන්න නියෝගට පරිබාහිරව කටයුතු කරන්න නීතිපති ක්‍රියා කීරීම සැක කටයුතු තත්වයක්.
බන්ධනාගාර ඇතුළට යන්නේ මල් පූජා කරලා නෙවෙයිනෙ. වැරදි කළ අය. ඔවුන්ව පාළනය කරන්න තද පියවර ගන්න වෙනවා. උසාවීය නෙවෙයි එහි වගවීම ගන්නෙ. එම නිළධාරීන් . මේ තීරණය හොඳයි .
රජය මේ ගැන සොයා බැලිය යුතුයි. නැත්නම් රජයට මහා කුණු ගොඩක් කර ගහන්න වෙනවා.