IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොන්දා ටිකට් කඩන්න අලුත් ක්‍රමයක් හොයාගනී

(රොමේෂ් මධූෂංක)                  

කිලිනොච්චිය සහ මුහමාලෙයි අතර ධාවනය වූ පෞද්ගලික බස් රථයකට මගීන් අධික ලෙස පටවා ගැනීම හේතුවෙන් බස් රථයේ කොන්දෙස්තර විසින් මගීන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙනස්ම ක්‍රමයක් අනුගමනය කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයන්ට පත්වීමක් පිළිබඳව වාර්තා වෙයි.

අදාළ පෞද්ගලික බස්රථය කිලිනොච්චිය සිට මුහමාලෙයි දක්වා ඊයේ (28) දින ධාවනය කර ඇති අතර එහිදී බස් රථයට මගීන් පටවාගෙන ඇත්තේ මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්කර ගනිමිනි.

එහිදී මගීන් බස්රථයේ අධික ලෙස පටවාගෙන යාම හේතුවෙන් කොන්දොස්තර වරයාට මගීන්ගෙන් මුදල් ලබාගැනීමටද නොහැකි වීම නිසා කොන්දොස්තරවරයා බස්රථයේ සීට් උඩින් ගමන් කිරීමට පියවර ගෙන ඇත.

කොන්දොස්තරවරයාගේ මෙම හැසිරීම හේතුවෙන් සීට්වල සිටි මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අතරම මගින් විසින් චෝදනා කර ඇත්තේ අධික ලෙසින් මගීන් පෞද්ගලික බස් රථවලට පැටවීම මගින් අනතුරු අවධානමක්ද පවතින් හෙයින් වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසටයි.

 



අදහස් (13)

කොන්දා ටිකට් කඩන්න අලුත් ක්‍රමයක් හොයාගනී

රම්බොඩ Wednesday, 29 January 2025 04:25 PM

අධික ලෙස පටවනවා කියන්නේ බලෙන් ඇදලා දාගන්නේ නෑනේ. ජනතාව දැකගන්න ඕනෑ අධික සෙනඟනම් නොනැග ඉන්න...

:       27       57

Pradeep KumaraWednesday, 29 January 2025 09:14 PM

Mr. Ramboda වෙනත් ප්‍රවාහන මාර්ගයක් තියනවා නම් ජනතාව තමන්ගේ ජීවිත දැන දැනම බිල්ලට දෙන්නේ නෑනේ නේද? යම් මාර්ගයක සිටිනා මගීන්ට සරිලන ලෙස බස්රථ යෙදෙව්වා නම් ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ තමන්ට බලපාන්නේ නැති නිසා ඔය වගේ අදහස් ගොඩක් අයට එනවා.

:       1       24

RS Thursday, 30 January 2025 09:37 AM

දඩය ලියන්නේ මගීන්ට නෙමෙයි නිසා වගකීම තියෙන්නේ රියදුරු සහ කොන්දොස්තර අතේ

:       0       11

Tikiri Bandara Wednesday, 29 January 2025 07:52 PM

122 මාර්ගයේ වික්‍රමරත්නගේ බසයේ කොන්දොස්තරත් ඔහොම කියලා බොහෝ දෙනෙක් කියනවා...

:       1       8

de silva Thursday, 30 January 2025 06:14 AM

හිටපු සහ දැනට සිටින පාලකයින් ජාතියේ අභිමානය කියමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නමැති මකර කටට වසරකට රුපියල් බිලියන සියගණනක් විසිකරනවා.. පුරවැසියෝ ලොරි බොඩි බස් එකේ පොල් පැටෙව්වා වගේ තද වෙලා අපා දුක විඳිමින් ගමන් කරනවා. නරකද ඔය ශ්‍රී ලන්කන් කෙහෙල්මල වහලා දමලා වාර්ෂිකව එහි පාඩු පියවන්න දෙන මුදල් වලින් මිනිස්සුන්ට ගමනක් යන්න ලොරි බොඩි බස් ටිකක්වත් ගෙනැත් දුන්නා නම් ලංගමට...?

:       2       8

Mudalali Thursday, 30 January 2025 06:18 AM

අපිට ඕවා අදාළ නැහැ. මගේ වාහනේ නැග්ගා... මගේ ගමන ගියා...

:       2       2

sanath Thursday, 30 January 2025 07:20 AM

රම්බොඩ දුෂ්කර පළාත්වල කොළඹ මෙන් විනාඩි 5 න් 5 ට බස් එන්නේ නැත සමහරවිට බසයක් එන්නේ පැය 2-3 කට වරක් වෙන්න පුළුවන් , මිනිස්සු පව් , පාලකයන් සුඛෝපභෝගී බස් ගැන සුරඟන කතා කියන එක නවතාල වහාම ඉන්දියාවෙන් ලංගමට ලොරි බොඩි බස් 1000 වත් ඇනවුම් කරන්න ඕනේ ඉදිරි වසර 2-3 ප්‍රවාහන ප්‍රශ්නේ යම් පමණකින් වත් සමනය කරන්න අවශ්‍ය නම් නිකන් පාලකයෝ බෙන්ස් එකෙන් BMW එකට මාරු වුනාට ජනතාවට එහෙම කරන්න වත්කමක් නැහැරම්බොඩ දුෂ්කර පළාත්වල කොළඹ මෙන් විනාඩි 5 න් 5 ට බස් එන්නේ නැත සමහරවිට බසයක් එන්නේ පැය 2-3 කට වරක් වෙන්න පුළුවන්.

:       2       7

Senarath Thursday, 30 January 2025 08:53 AM

බස් එක ගිහිල්ලා පැය බාගයට විතර පස්සේ තමා නවත්වන්නේ බස් එක යන්නේ.. මිනිස්සු වේලාවට වැඩට යන්න ඕන නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බස් වලට නගින්නේ.. වැඩියෙන් පැටව්වා කියලා ගාන අඩුකරන්නේ නෑ. මේවාටත් දඩ ගහන්න ඕනෑ..

:       0       15

Bunny Preena Thursday, 30 January 2025 10:01 AM

සමහර මාර්ගවල බස් සේවය බොහොම දුර්වලයි. බස් එකක් එන්නේ පැයකට පාරක්. ඒ පාරවල් වල මිනිස්සු යන්න ඕනේ නිසා හිරවෙලා හරි යන්න බලනවා. ඉතිං බස්කාරයෝ මේවායින් අයුතු ප්‍රයෝජන ගන්නවා.

:       0       6

නන්දන Friday, 31 January 2025 02:00 PM

ඔච්චර ඈත යන්න ඕන නෑනේ උදේකට නගින්න කෝ ගොඩගම පැත්තෙන් 190 පිටකොටුව බස් රථයකට. මෙන්න වෙන දේ. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් ආරම්භ වන 190, ගොඩගම හන්දියට එනකොට සීට් ගන්නට වැඩිය සෙනග පිරිලා. එතැන් සිට ගොඩවන සියලු දෙනාම හිටගෙන. දැන් සෑම නැවතුම් පොලකදීම දොරටු දෙකෙන්ම සෙනග ඇතුලට. දැන් බස් එකේ කොන්දොස්තර පිටිපස්සේ දොරේ සිට ටිකක් කඩාගෙන සෙනග අතරින් ඉදිරිපස දොරටුවට ඇවිත් ඉදිරිපස දොරටුවෙන් ගොඩවූ අයට ටිකට් කඩයි. මේ වනවිට බස්රථය ඊලග නැවතුම් පොළට පැමිණ තිබේ. ආයිත් දොරටු දෙකෙන්ම සෙනග ඇතුලට. කොන්දොස්තර බසයේ ඉස්සරහ දොරින් බැස ගොස් පිටිපස දොරේ එල්ලී නැවතත් කලින් කලාක් මෙන් ටිකට් කඩාගෙන සෙනග අතරින් ඉදිරියට. මෙය චක්‍රයක් වගේ සෑම බස් නැවතුමක දී ම සිදුවන ක්‍රියාවලියකි.

:       0       4

Kure Friday, 31 January 2025 04:20 PM

අපේ කරුමේ...!

:       0       2

හගුරන්කෙත බන්ඩා Tuesday, 18 February 2025 07:59 AM

මම බස් මුදලාලි නොවේ.නමුත් දන්නවා ආදායම නැතිව බස් විකුනපු අය ඉන්නවා.ඒ නිසා යමක් කටට ආ.පලියට කියන්නෙ නැතිව දෙපැත්තම බලල තීරණ ගන්න.

:       0       0

Chinthana Wednesday, 19 February 2025 11:31 AM

කිලිනොච්චි මුහමලේ කියන්නේ දුෂ්කර ප්‍රදේශ නෙවෙයි. A9 මාර්ගයේ පිහිටි ප්‍රධාන නගරයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31258 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13440 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 88 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 925 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site