IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොකේන් ගන්න ආ බුද්ධි එස් අයි අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය  මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි  සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ ‍පොලිසිය කියයි.

මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් මීගොඩ ගොඩගම හන්දිය අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පරික්ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1130 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම මත්ද්‍රව්‍ය  අලෙවි කිරීමට රැගෙන ආ බවත් මිලදී ගැනීමට පුද්ගලයකු ගොඩගම හන්දියට පැමිණෙන බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට  පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි

එම සැකකාර නිලධාරියා ඊයේ (12) රාජකාරියෙන් පසු නිවසට පැමිණ ඇතැයි පොලිසිය කියයි එම සැකකාර නිලධාරියා පාදුක්ක කූරුගල පදිංචිකරුවෙකි.

 

 

 



අදහස් (0)

කොකේන් ගන්න ආ බුද්ධි එස් අයි අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site