(තිලකරත්න දිසානායක)
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් ඉකුත් 6 වැනි දින සිදු කළ වෙඩි තැබීමකින් කොණ්ඩය කැපීමේ ස්ථානයක සිටි මෙම පුද්ගලයා ඝාතනය කොට තිබිණි.
පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරෙහි නිලධාරීන් පිරිසක් මෙම සැකකරුවන් සහ සැකකාරිය අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගම්පහ මූලස්ථාන පොලීසියට බාරදීමට පියවර ගෙන ඇත.
සැකකරු සහ සැකකාරිය නැදගමුව, තම්මිට ,මාකෙවිට , පෙතියාගොඩ සහ කොටුගොඩ පදිංචිකරුවන් වන බවත් අවුරුදු 29 - 35 ත් අතර වයසේ පසුවන්නවුන් බවත් පොලීසිය සඳහන් කරයි.
මොවුන් පැය 48 ක රැඳවුම් නියෝග මත රදවාගෙන වැඩි දුර ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බවද පොලීසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.