IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළා

(අංජුල මහික වීරරත්න)

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වන ජන්ම දින සමරුව වෙනුවෙන් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහා විද්වතෙකු වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් මහඟු සහායක් ලබාදිය හැකි මානව සම්පතක් රටට අහිමි වූ බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය (AI Corner) විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

උත්සව ස්ථානයේ තැන්පත් කර තිබු ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පිළිරුව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසු‍න්දර මහතාගේ සියවන ගුණ සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

(ඡායාරූප:- ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (8)

කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළා

Amal Sunday, 10 December 2023 08:36 PM

ඒක හොඳයි (කෘත්‍රිම බුද්ධිය හොඳයි). ඔබලාගෙයි, ඔබලාගේ හෙන්චයියන්ගෙයි බුද්ධියෙන් කරලා තමයි රට බංකොළොත් වුනේ. කාලකණ්ණි... අපතයින් !!!

:       2       3

Sachith Sunday, 10 December 2023 09:24 PM

"කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට" මොකද මේක එහෙම ගේන්න වාහනයක්ද ?මේවයින් වැඩ ගන්න තියා තාම හරියට රටේ රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි ටික හරියට හදාගන්න බෑ

:       2       2

Rata Perata Sunday, 10 December 2023 10:11 PM

හොඳයි. ඔය වෙන්කළ අපේ බදු සල්ලි වලින් කොහොමහරි කෘතිම බුද්ධියක් හදන්න රනිල් ගේ සහ අනිත් මෝඩ දේශපාලුවන් ගේ ඔලුවට හයි කරන්න.

:       2       3

Saman Amarasinghe Sunday, 10 December 2023 11:44 PM

මම ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉන්න මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. මෙහේ උනත් AI ආශ්‍රිත පරීක්ෂණ වගේම ඊට අදාළ රැකියාවක් සොයාගැනීමට නම් කැලිෆෝර්නියා ප්‍රාන්තයට යා යුතුයි. මේ ක්‍ෂේස්ත්‍රය එතරම් ම පුංචි සහ විශේෂිත එකක්. ලංකාවේ මේ සඳහා මෙතරම් මුදලක් වෙන් කර මොනවා ලබාගන්න දැයි සිතා ගන්න අමාරුයි. බොහෝවිට තම අතවැසියන්ට මුදල් මංකොල්ල කෑමට අලුත් මගක් විවරකර දීමක් විය හැකියි.

:       2       2

Bamunuarachchi Monday, 11 December 2023 05:19 AM

පාර්ලිමේන්තුවේ 225 ටම කෙලවෙයි වගේ.

:       1       3

විජිත් Monday, 11 December 2023 08:24 AM

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ,ස්ටැන්ලි විජේසුන්දර හෙවත් රනිල්ගේ මාමා නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රටට වැඩදායක උගත් බුද්ධිමත් ,අසාධාරණය නොඉවසූ තරුණ තරුනියන් සිය ගණනක් ඝාතනයවූ බව රහසක් නොවේ.එදා..බටලන්දේ වධකාගාරයේදී ඒ තරුණ තරුණියන්ට දස වධ දෙද්දී මහත්වූ ආශාවෙන් ඒ දෙස බලා සතුටුවූ අධම "නොමිනිසා "අද රටේ ජනාධිපතිවෙලා.

:       3       4

Bamunuarachchi Monday, 11 December 2023 07:29 PM

විජිත් ඔය කියන්නේ රට කාපු ජෙප්පන් ගැන නේද? ඒ කාලේ ඉපදිලා හිටියද? හිටියා නම් එක්කෝ හැංගිලා ඉන්න ඇති... නැතිනම් හය හතර නොතේරෙන ළදරුවෙක් වෙන්න ඇති. හලෝ ඒ කාලේ වෙච්චි අසාධාරණය ගැන ටිකක් කියන්නකෝ අපිට දැනගන්න. ඉංග්‍රීසි අනිවාර්ය නිසා විශ්ව විද්‍යාලයක පස් පාගන්න බැරුව සිටි සිංහලයින්ට විශ්ව විද්‍යාලවලට යන්න මග පෑදුවේ ඒ නායකයෝ. නැතිනම් අනුර තාමත් ගමේ කුඹුරේ...!

:       0       1

බකමීගොල්ල Monday, 11 December 2023 02:49 PM

අපේ කට්ටිය අතේ සතේ නැතත් මහ ලොකු වැඩනේ කරන්න යන්නේ. ඔය මුදල් වියදම් කරන්න රටේ වෙන අත්‍යවශ්‍ය දේවල් නැද්ද. ඒක තේරුම් ගන්නවත් මොලයක් නැද්ද. අපේ රටේ වැඩි පිරිසක් ජීවත්වෙන්නේ ගොවිතැන් කරලා. ඒක හොඳටම දැක්කනේ ගොටභය ලොක්කා ගොවියෝ සෙල්ලමට අරගෙන කරගත්තු දේ. උපදෙස් දුන්නේ ආචාර්ය, මහාචාර්ය වරු. නමුත් නියර කියන්නේ මොකද්ද දන්නේ නෑ. මේකත් ඔය කාගේ හරි ප.. ඩ.. ෂෝ එකක්. ඔය මුදල් වියදම් කරලා වැව් ටිකයි, වාරිමාර්ග ටිකයි. හැදුවනම් දැන් මේ ඉතා අසරණ වෙලා ඉන්න ගොවියන්ට, දුප්පත් මිනිස්සුන්ට තුන්වේල බත් කාල ඉන්න පුළුවන්. තවත් හොරු කණ්ඩායමකට ඔය මුදල් ගසාකන්න වැඩි දවසක් යන්නේ නෑ. අන්තිමට බිලියන් ගානත් නෑ කෘතීම බුද්ධියත් නෑ. මේ රටේ ඉන්නවා බුද්ධිමත් මිනිස්සු ඒ මිනිස්සුන්ට මේ රට පාලනය කරන්න අවස්ථාවක් ලැබෙන්න චන්දයක් තිබ්බනම් ඔය බුද්ධියත් සල්ලිවලට ගන්න ඕනේ නෑ. නාකි වෙනකොට මොළේ බහිනවා, අඩුවෙනවා, මතක නෑ, කල්පනා ශක්තිය නැතිවෙනවා. දැන් ඒකට මේ කෘතීම බුද්ධිය හරි පාවිච්චි කරලා එල්ලිලා ඉන්නයි බලන්නේ.... කැඳ බීවත් betta කෙලින් කියලා කතාවක් තියෙනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30937 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13068 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10933 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 858 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 255 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site