(දිනේෂ් උපේන්‍ද්‍ර)

නිවැරදි මන්තීරුවේ ගමන්ගත් අයකුට වැරදි ලෙස යතුරු පැදියක් ධාවනය කර   ගැටීමට සලස්වා නිවැරදිව යතුරු පැදිය පැද වූ පැදිකරුට ආරක්‍ෂක හිස්වැසුමෙන් පහරදුන් බව කියන තරුණයක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

පහර දෙන වීඩියෝව සමාජ මාධ්‍යජලා වල  සංසරණය වීමත් සමග ඒ සම්බන්ධයෙන් පරික්ෂන මෙහෙයවා අදාළ  සැකකරු කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරයාගේ මැදිහත්වීම අද අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය නගරයේ නිරන්තරයෙන් ගැවසෙන අයකු වූ අතර පොලිසිය පවසන අන්දමට අදාළ සැකකරුට එරෙහිව නඩු කිහිපයක්ද පැවති බවත් අනාවරණය වී ඇත.

සැකකාර පැදිකරු කාන්තාවක්ද කැටුව පැදවූ යතුරුපැදිය මීගහකොටුව මන්සන්ධියෙන් ප්‍රධාන මාර්ගයට ඇතුලුවන විට ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් නියමිත මාර්ගනීති අනුව පැමිණි මැදිවයසේ අයකුගේ ගැටීමට ගොස් නවතාගන්නා අයුරු හා පසුව සැකකරු ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් පැදිකරුට ආරක්‍ෂක හිස්වැසුමකින් පහරදෙන අයුරුත් අදාළ මාර්ගයේ ගමන්ගත් මෝටර් රියක සවිකොට තිබූ කැමරාවක ඉතා සුපැහැදිළිව සටහන්ව තිබූ අතර එය සමාජ මාධ්‍යයේ සංසරණය වීමෙන් අනතුරුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඒ සම්බන්ධව පොලිස් කණ්ඩායමක් යොදවා ඉතාම කෙටිකාලයකින් සැකකරු අනාවරණය කරගන අත්අඩංගුවටගෙන තිබිණ.