
(බී.ජානක)
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව බඩෝවිට පොලිස් මුරපොලේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු මුරපොලේ ස්ථානාධිපතිවරයා සමග බඩෝවිට 3 වන අධියරේ අද (15) පස්වරුවේ මෙම වැටලීම් ගොස් ඇති අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වෙළේ සුදාගේ සහෝදරයාබව කියන පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී ඇත.
පොලිස් කොස්තාපල්වරයාගේ උදරය හා වැමිට ප්‍රදේශයට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියෙන් පසු සැකකරු පළා ගොස් ඇති අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?
දැන් තියෙන්නෙ තමන්ගෙ ආණ්ඩුව නෙමේ කියල අමතක වෙන්නැති අහිංසකයට!
ඇයි ඉතින් ඒ එක්ක හිටපු ස්ථානාධිපතිද මොකාද උඩ බලන් හිටියෙ. අතේ ආයුධයක් තිබුනෙ නැද්ද. ඇයි අපේ පොලිසියට මෙහෙම නිගා කරන්නෙ