
(බී.ජී. චතුරංග)
බත් කවන අතර වාරයේදී සිඟිත්තියකට වරින්වර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් "කුකුල් චමින්ද" යන සැකකරුට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (07) ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පැවසීය.
මෙම සිද්ධියට සැකපිට දැරියගේ පියා වැලිඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පදවිය සංචාරක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
වැලිඔය හංසවිල ගම්මානයේ පදිංචි සැකකරු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිස මෙම පහර දීම සිදු කර තිබුණි.
නිවසේ බෝතලයක් තිබූ සීනි කෑවයි කියා අවුරුදු හතරහමාරැති දැරියට පහර දුන් මෙම පුද්ගලයා නිවසින් පැන ගොස් පුල්මුඩේ කුඩා අරිසිමලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී වැලිඔය පොලිසිය මගින් පසුගිය 5 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.
දැරියට පහර දෙන අයුරු සැකකරුගේ පුතා තම ජංගම දුරකතනයෙන් පටිගත කොට සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව අමු අමුවේ මරපු, බාල බෙහෙත් ජනතාවට ගිල්ලවපු, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ හොරු රැලට බන්ධනාගාරයේ රැඳෙවියන් තාමත් පහර දීලා නැද්ද?
නියමයි, නියමයි එහෙම තමයි වෙන්න ඕනෑ. ස්තූතියි, පහර දුන් සියළුම දෙනාට....
නීතිය තියෙද්දී මිනිස්සු නීතිය අතට ගන්න ඕන නෑ. පහුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළින් මේ මිනිහාට පහර දෙන්න පෙළඹුවා. මේ කියන එකෙක්වත් ඒ ළමයාට බත් කටක්වත් දීපු අය නෙමේ. දැන් පරිවාසෙට ගියාම ඒ ළමයාව බලන්න යන එකෙක්වත් මෙතැන නෑ. බන්ධනාගාරයේදී නීතිය අතට ගත්තු අයටයි, ඒකට පොළඹවපු අයටයි. ඒවා දිහා බලාගෙන ඉන්න නිලධාරින්ටයි නීතිය කරන්න ඕනෑ. නමගිය කුඩු කාරයෝ, පාතාල කාරයෝ, දේශපාලකයෝ හිරේ ගියාම ඔවුන්ට බැලමෙහෙ කරන අය පොඩි මින්හෙක් ගියාම වීරයින් වෙනවා.
මේ සිද්ධිය නිකන්ම නිකන් එක සිද්ධියක් නෙවෙයි. අපේ රටේ සමාජයේ පවතින තවත් එක් අදුරු පැතිකඩක්. නුගත්කම දරිද්‍රතාවය පිරුණු විෂම සමාජයක මේ වගේ එක සිදුවීමකට විසදුමක් දීලා මේ වගේ ප්‍රශ්න ඇති වෙන එක නවත්වන්න බෑ. සමහර විට ඒ ළමයා හොරෙන් කාපු සීනි, කිලෝ එකට සත විසිපහේ බද්ද ගෙවලා දේසපාලුවෝ කෝටිගණන් උපයපු සීනි වෙන්නැති. කවපු බත් කට ඩඩ්ලිගේ නිපුනගේ ගිනි කාපු හාල් වෙනනැති . ඒ ළමයා සීනි නිකන් කෑවම හවසට කසිප්පු බොන්න සල්ලි මදි වෙන්නැති. උපත් පාලන ක්‍රමයක් කරගන්න තරම් දැනුමක් උවමනාවක් නැතුව ඇති. සමහර විට ඔය ළමයට ගහපු එකත් ඔය වගේම පොඩි කාලේ ගුටිකාපු එකෙක් වෙන්න ඇති. මුට ගහපු උන් පෙරපු කසිප්පු සමහර විට මූම බීලත් ඇති .
රැඳවියන් හිරේ ඉදල යුටියුබ් බලල තියෙනවා ඒ කියන්නේ.
අත්අඩංගුවේ පසුවන සැකකරුවකුගේ ආරක්ෂාව සැලසීමේ වගකීම පැහැර හැර ඇති පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන්ට විරුද්ධව ගරු අධිකරණය මගින්
දැන් පුතාට ගහල මරයි.මේ වගේ තිරිසනුන් එක්ක එන ගෑනුන්ට සාප කරන්න ඕන.
උදාරයි උදාරයි උදාරයි
හරි අපූරු නල්ල මලේ නීතිය ..
රැදවියන්ට මාගේ උපහාරය
දැන් දැනෙනවා ඇති ගුටි කනොට කොච්චර සැනිපද කියලා
රැඳවියන් හිරේ ඉදල යුටිබ් බලලා තියෙනවා ඒ කියන්නේ.
නියම ආරංචියක් නේ මේක . දැන් ඔය ගහපු උන් ඕක ඇතුලට ඇවිල්ල ඉන්නේ ගෙවල් වල ඉන්නකොට උන්ගේ සිල් බිඳෙන නිසා වෙන්න ඇති නේද? අපේ රටේ බන්ධනාගාර කියන්නේ අපරාධ විශ්ව විද්‍යාල නේ. බන්ධනාගාර ගතවෙන මිනිස්සුනව යහපත් පුරවැසියන් ලෙස පුනුරුත්ථාපනය කරලා සමාජ ගත කිරීම බන්ධනාගාරයේ වගකීමක් උනත් එකෙක් නැහැ ඒ ගැන බලන්න . මෙතනින් අපේ සමාජයට සිදුවන් හානිය අතිවිශාලයි . මේ මනුස්සයව යහපත් පුරවැසියෙක් විදිහට සමාජයට එවනව වෙනුවට වඩාත් ප්‍රබල අපරාධකාරයෙක් ලෙස සමජයට එනව දකින්න තමයි බොහෝ ය කැමති. එකනේ මෙහෙම වෙන්නේ .
දැන් මු පුතාටත් ගහයි. රෙකෝඩ් කෙරුවා කියලා
පාස්කු ප්‍රහාර ත්‍රස්තයන්ටත් "අනේ ඒත් අපේ ළමයි" කියලා ලොවෙත් නැති ඊනියා මානව ප්‍රේමයක් තම දේශපාලන පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කළ දීපානි සිල්වා නමැති නිළි නෝනා කුකුල් චමින්ද වෙනුවෙන් ඉදිරිපත් වෙලා නැද්ද තවම?
ඔච්චර තමයි මේ අමනුස්සයාට ලැබෙන දඬුවම
මේ මනුස්සයට නමක් නැද්ද? මේ මනුස්සයා දේශපාලකයෙක් උනා නම් ඕගොල්ලො කුකුලා, මයිනා, නරිලා, රත්තරන්, බැංකු හොරා වගේ හෙඩින් පාවිච්චි කරනවද?
ගහන්න නෙවෙයි තිබ්බේ... මරන්න.
ආගන්තුක සත්කාරයේ වැරැද්දක්ද?
මේ වගේ නිවුස් එකක් අහන්න සතුටුයි.
අපරාධ කරුවෙකු හෝ සැකකරුවෙකු රටක නීතියේ භාරයට පත්වූ විට ඔවුන් ආරක්ෂිත විය යුතුයි. රටක් බල්ලෝ කෑවාට බල්ලාව කන තත්වයකට පත් වනවා නම් තුන්වෙනි ලෝකයේ මෝඩ රටක් ලෙස පවතිනු ඇත. උගත්, නිර්භීත ගුණවත් මිනිසුන් පාලනය කරන රටවල මෙවැනි අවස්ථාවල පහරදුන් මැරයින්ට වාගේම ඊට අනුබල දුන් අයටද සමාවක් නොලැබේ. එසේම මෙම සිද්ධිය ගුටි ගසා ගැනීමෙන් යටපත් වීමට නොදී දැනට පවතින ක්‍රමයේ විශාල වෙනසක් කිරීමටද උපයෝගී කරගනු ඇත...
ප්‍රහාරය අශිශ්ඨ නම් ප්‍රතිප්‍රහාරවල ශිශ්ටත්වය හොයන්න එපා..